‘පොලිස්පති මහජන සහන දිනය’ ලබන ලබන 29 දින නොපැවැත්වේ - හේතුව මෙන්න
සෑම සතියකම සිකුරාදා දින පොලිස් මූලස්ථානයේදී පැවැත්වෙන ‘පොලිස්පති මහජන සහන දිනය’ එළඹෙන 29 වන සිකුරාදා දින නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
මෙවර වෙසක් සතිය යෙදී තිබීම හේතුවෙන් පොලිස් මූලස්ථානය මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව 2026.05.29 වන දිනට යෙදී ඇති එළඹෙන සිකුරාදා පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බැවින්, එදිනට එම වැඩසටහන සඳහා පොලිස් මූලස්ථානය වෙත පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.