මහජනතාවගේ නොවිසඳුණු ගැටලුවලට කඩිනම් විසඳුම් දෙන්න පොලිස්පතිගෙන් විශේෂ වැඩසටහනක්

Report

මහජනතාවගේ ගැටලු, පැමිණිලි සහ ඉල්ලීම් සඳහා කඩිනම් හා සාධාරණ විසඳුම් ලබාදීමේ අරමුණින් පවත්වනු ලබන පොලිස්පති මහජන සහන දිනය 2026 අගෝස්තු මස 14 වන සිකුරාදා දින පෙරවරු 09.00ට පැවැත්වීමට නියමිතය.

පොලිස් සේවාව සම්බන්ධයෙන් මහජනතාවට පවතින ගැටලු, පැමිණිලි, යෝජනා සහ වෙනත් අවශ්‍යතා සෘජුව ඉදිරිපත් කිරීම සඳහා මෙම මහජන සහන දිනය වැදගත් අවස්ථාවක් වේ.

විශේෂයෙන්ම පොලිස් ස්ථාන මට්ටමින් විසඳුම් ලබාගැනීමට අපහසු වූ හෝ තවදුරටත් අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් මහජනතාවට තම ගැටලු ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව සැලසේ.

මෙම වැඩසටහනේදී මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සහ ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය අවධානය යොමු කරමින්, හැකි ඉක්මනින් සාධාරණ විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇත.

එමෙන්ම, පොලිස් සේවාව පිළිබඳ මහජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම, මහජනතාව සහ පොලිසිය අතර සම්බන්ධතාව වර්ධනය කිරීම සහ වඩාත් කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වේ.

ඒ අනුව, පොලිස් සේවාව සම්බන්ධයෙන් තමන්ට පවතින ගැටලු හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මහජනතාවට මෙම අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා ලෙස දැනුම් දෙනු ලැබේ. තම පැමිණිල්ලට අදාළ ලිපි, ලේඛන හෝ වෙනත් සාක්ෂි පවතින්නේ නම් ඒවාද ඉදිරිපත් කිරීම මඟින් කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ හා ක්‍රියාමාර්ග ගැනීම වඩාත් පහසු වනු ඇත.

ලෝක දේශපාලනික ආතතීන් ඉහළ යාම නිසා තෙල් සහ රන් මිලට බලපෑම්

ලෝක දේශපාලනික ආතතීන් ඉහළ යාම නිසා තෙල් සහ රන් මිලට බලපෑම්

පොලිස්පති මහජන සහන දිනය 2026.08.14 වන සිකුරාදා දින පෙරවරු 09.00ට පැවැත්වෙන බැවින්, අදාළ මහජනතාව මෙම අවස්ථාව සඳහා සහභාගී වී තම ගැටලු හා අවශ්‍යතා ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ.