ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබුනා නම් දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලැබිය හැකියි..- විමල්

Ven
By Thaya Jan 06, 2021 04:40 PM GMT
Report

දිවි ඇති තෙක් සිර දඬුවම් ලබා සිටි ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබිය හැකි නම් ඒ ආකාරයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව යටතේ නිදහස් විය හැකි බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඌවතැන්නේ සුමන හිමියන්ට දඬුවම් හිමිවූයේ විශාල ආයුධ තොගයක් ලබා ගැනීමේ චෝදනාව මත වුවද දුමින්ද සිල්වා මහතාගේ නඩුවට අදාළ තීන්දුව ලබාදීමට දේශපාලන බලපෑම එල්ල වූ බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ දුරකථන ඇමතුම් තුලින් හෙළිවී ඇතැයි ද ඇමැතිවරයා එහිදී පැවසීය.