මියගිය පුද්ගලයෙකු හඳුනාගන්න පොලිසිය මහජන සහය පතයි. - (PHOTO)

Sri Lanka Police Death
By Wayomi Apr 10, 2024 09:40 AM GMT
Wayomi

Wayomi

Report

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, මීගස්සෑගම ප්‍රදේශයේදී පසුගිය මස 28 වැනි දින මිය ගිය 82 හැවිරිදි පුද්ගලයකු හඳුනා ගැනීම සඳහා එප්පාවල පොලීසිය මහජන සහය ඉල්ලා තිබෙනවා.

මෙම පුද්ගලයා කුලී කම්කරුවකු ලෙස එප්පාවල ප්‍රදේශයේ සේවය සඳහා පැමිණ ඇති අතර, එසේ පැමිණි අවස්ථාවකදී ඇති වූ රෝගී තත්වයකින් ඔහු මිය ගොස් ඇති බවයි එප්පාවල පොලීසිය සඳහන් කරන්නේ.

ඔහු සතුව තිබූ සායනික වාර්ථා පොත් වල ඔහුගේ නම ලෙස ඩබ්ලිව් .ඒ සනී ලෙසත්, වයස අවුරුදු 82 ක් ලෙසත් සඳහන් ඇත.

එලෙස මියගිය පුද්ගලයාගේ පපු ප්‍රදේශයේ තටු විහිදාගත් පක්ෂියකු මත වචන කීපයක් සහිත පච්චයක්ද කොටා ඇති බවත්, එය තරමක අපැහැදිලි බවද පොලීසිය පවසනවා.

ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ දේහය මේ වන විට තඹුත්තේගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මොහු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 025-2249122 දුරකථන අංකයෙන් එප්පාවල පොලීසිය දැනුම්වත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

...................................................

May you Like


Gallery