ලංකාවේ සංචාරක කලාපයක් සංචාරකයින්ට තාවකාලිකව තහනම් වෙයි..

Sri Lanka
By krishani Oct 08, 2022 02:24 AM GMT
krishani

krishani

Report

හපුතලේ - ඉදල්ගස්හින්න තොටුපළ කඳු ප්‍රදේශය අවදානම් කලාපයක් බැවින් එහි සංචාරය කිරීම සහ රාත්‍රීයේ කුඩාරම් ගැසීම තාවකාලිකව තහනම් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය පැවසුවේ නීතිවිරෝධී ක්‍රියාවන්, මාරාන්තික අනතුරු, රක්ෂිත ගිනි තැබීම් සහ නොදිරන අපද්‍රව්‍ය දමා ගොස් පරිසරය අපවිත්‍ර කිරීම වැනි හේතු නිසා මෙම තීරණය ගත් බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha