ICC මණ්ඩලය අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය අත්හිටුවයි

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මඟින් ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාව යටතේ ICC සාමාජිකයෙකු වශයෙන් USA ක්‍රිකට් ආයතනය විසින් එහි බැඳීම් නැවත නැවතත් මෙන්ම අඛණ්ඩව උල්ලංඝනය කිරීම නිසා අඳාළ තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩාවේ අභිලාෂයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බව ICC නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ෆේස්බුක්, වට්ස්ඇප් භාවිතය කරන අයට මෙන්න හදිසි දැනුම්දීමක්

ෆේස්බුක්, වට්ස්ඇප් භාවිතය කරන අයට මෙන්න හදිසි දැනුම්දීමක්

මෙය ඊයේ (23) දින ICC මාධ්‍ය නිවේදනයකින් තහවුරු කර ඇති බව සඳහන්. එසේම එහි සඳහන් කරුණු පහත පරිදි වේ.

''ICC මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම ICC සාමාජිකයෙකු ලෙස එහි ව්‍යවස්ථාව යටතේ ඇති වගකීම් නැවත නැවතත් සහ අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙනි. මෙයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ, ක්‍රියාකාරී පාලන ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම, එක්සත් ජනපද ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුව (USOPC) සමඟ ජාතික පාලන ආයතනයක තත්ත්වය ලබා ගැනීමට ප්‍රගතියක් නොමැති වීම සහ එක්සත් ජනපදයේ සහ ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිනාමයට හානි කළ සැලකිය යුතු ක්‍රියාමාර්ග ගැනීමයි.''

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

පසුගිය ජූලි මාසයේ පැවති ICC වාර්ෂික මහා සභා රැස්වීමේදී, "නිදහස් හා සාධාරණ මැතිවරණ" පැවැත්වීමට සහ "පුළුල්" පාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට USAC වෙත මාස තුනක් ලබා දී තිබුණා.

අනතුරුව මාස දෙකකට පසුව මෙම අත්හිටුවීම සිදුකර ඇත.

ඒ අනුව ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මත පදනම්ව සුදුසු යැයි සැලකෙන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමේ අයිතිය තමන් සතු බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය USAC වෙත අනතුරු අඟවා ඇත. 

මිල මුදල් උතුරන වස්තු සැප සම්පත් ලැබෙන මේ ලග්නවලට අද නොහිතන වාසි ගොඩක්

මිල මුදල් උතුරන වස්තු සැප සම්පත් ලැබෙන මේ ලග්නවලට අද නොහිතන වාසි ගොඩක්