තත්ත්වය එන්න එන්නම දරුණු වේ - ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 96,000 සීමාව ඉක්මවයි

Report

2026 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,040 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

එම ඒකකය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, පසුවූ අගෝස්තු මාසය තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 10,155 දෙනෙකු හඳුනාගෙන තිබේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට

එමෙන්ම මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 72ක් දක්වා ඉහළ ගොස් ඇත. පළාත් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 50,760කි. මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,931ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,788ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 7,910ක් ලෙස හඳුනාගෙන තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 20,444කි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,008ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 7,043ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 6,181ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,154 දෙනෙකු වාර්තා වී ඇත.

රාජ්‍ය සේවකයන්ගේ දරුණු ගැටලුවක් - වැටුප් වැඩි නොවීම මට රට හැර යන රාජ්‍ය සේවකයන්

රාජ්‍ය සේවකයන්ගේ දරුණු ගැටලුවක් - වැටුප් වැඩි නොවීම මට රට හැර යන රාජ්‍ය සේවකයන්

පවතින අධික අවදානම් තත්ත්වය හමුවේ දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ 50ක් තවදුරටත් ඩෙංගු අධි-අවදානම් කලාප ලෙස නම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.