මුහුදු ප්‍රදේශ කිහිපයක සුළං වේගය ඉහළට - ධීවරයන්ට සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

Report

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද සඳහන් වේ. එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

බියගම නිදහස් වෙළෙඳ කලාපයේ හදිසි ගින්නක් – තිදෙනෙකුට තුවාල

බියගම නිදහස් වෙළෙඳ කලාපයේ හදිසි ගින්නක් – තිදෙනෙකුට තුවාල

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක දෙකම ඉහළට

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක දෙකම ඉහළට

Gallery