පිලිපීන සෙනෙට් සභාවේදී වෙඩි හඬ - රටම කම්පාවට පත්වෙයි

Report

අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති පිලිපීන සෙනට් සභික රොනල්ඩ් ඩෙලා රෝසා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සෙනට් ගොඩනැගිල්ල වෙත පැමිණීමත් සමඟ එහි වෙඩි හඬ කිහිපයක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පොලිස් සහ මැරීන් හමුදා භටයින් ආරක්ෂිත උපකරණ සහ අවි සමඟ සෙනට් ගොඩනැගිල්ලට ඇතුළු වීමෙන් මිනිත්තු කිහිපයකට පසු වෙඩි තැබීම් සිදුව ඇති අතර, එම වෙඩි ප්‍රහාර එල්ල කළේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

රටම කැළඹුණු මනුස්ස ඝාතනයේ සුලමුල එළියට - හිස කදෙන් වෙන් කරලා පිළිමේ ගහපු අපරාධේ ඇග හිරිවැටෙන අනාවරණයක්

රටම කැළඹුණු මනුස්ස ඝාතනයේ සුලමුල එළියට - හිස කදෙන් වෙන් කරලා පිළිමේ ගහපු අපරාධේ ඇග හිරිවැටෙන අනාවරණයක්

හිටපු පොලිස් ප්‍රධානියෙකු වන ඩෙලා රෝසා, හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ “මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය” ක්‍රියාත්මක කළ ප්‍රධාන නිලධාරියා ලෙස සැලකේ. එම මෙහෙයුම්වලදී සිදුවූ මරණ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ඔහුට ICC විසින් චෝදනා එල්ල කර තිබේ.

අත්අඩංගුවට ගැනීමේ අවදානම හමුවේ සෙනට් කාර්යාලයේ රැඳී සිටි ඩෙලා රෝසා, තමන් රටට විශ්වාසවන්තව සේවය කළ බව පවසා තිබේ. එසේම, “තවත් පිලිපීන ජාතිකයෙකු හේග් නගරයට රැගෙන යාමට ඉඩ නොදෙන්න” යැයි ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය. ICC අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව පසුගිය සඳුදා ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, එය හිටපු ජනාධිපති ඩුටර්ටේට එරෙහිව ඇති චෝදනා සමඟ සම්බන්ධ බව සඳහන් වේ.

ලංකාවේ තෙල් මිල හා විදුලි බිල ඉහළට? ජනපති අනුරගෙන් ප්‍රකාශයක් නිකුත් වේ

ලංකාවේ තෙල් මිල හා විදුලි බිල ඉහළට? ජනපති අනුරගෙන් ප්‍රකාශයක් නිකුත් වේ