“මෙම වසර තුළ නැවත ඩකා නුවරට යනවා” - බංග්ලාදේශ හිටපු අගමැති ෂෙයික් හසීනා
මානව වර්ගයාට එරෙහිව සිදුකළ අපරාධ සම්බන්ධයෙන් තමන්ට මරණ දණ්ඩනය නියම වී තිබුණද, මෙම වසර තුළදී නැවත සිය රට බලා යන බව බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ප්‍රකාශ කර තිබේ.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ(28) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.
දැනට 78 වැනි වියේ පසුවන ෂෙයික් හසීනා, 2024 අගෝස්තු මාසයේදී සිය පාලනයට එරෙහිව සිදු වූ දැවැන්ත ජනතා විරෝධතා මධ්‍යයේ අසල්වැසි ඉන්දියාවට පලා ගියාය. ඉන් අනතුරුව ඇය ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වී තිබුණේ සීමිත වරක් පමණි.
ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය සඳහන් කර ඇත්තේ තමන් මරණයට බිය නොවන බවත්, තමන්ට එරෙහිව ලබා දී ඇති අධිකරණ තීන්දුව දේශපාලන අරමුණු මත පදනම් වූවක් බවත්ය.
“මට එරෙහිව විවිධ කුමන්ත්‍රණ දියත් වුණා. නමුත් ජනතා ඡන්දයෙන් පස් වතාවක්ම මම අගමැති ලෙස තේරී පත් වුණා. රටේ සංවර්ධනය සඳහා මම වැඩ කළා. මේ සියලු බාධක මැදින් මේ වසරේම මම නැවත මගේ රටට යනවා”
යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබේ.
පසුගිය නොවැම්බර් මාසයේදී ඩකා නුවර අධිකරණයක් විසින් ප්රචණ්ඩ ක්‍රියා සඳහා අනුබල දීම, ඝාතන නියෝග ලබාදීම සහ ප්රචණ්ඩත්වය වැළැක්වීමට අපොහොසත් වීම යන චෝදනා සම්බන්ධයෙන් ෂෙයික් හසීනා වැරදිකාරිය කරමින් මරණ දණ්ඩනය නියම කර තිබේ. ඇය නායකත්වය දුන් “අවාමි ලීගය” පක්ෂයද මේ වන විට තහනමකට ලක්ව ඇත.
මිලියන 170ක ජනගහනයක් සිටින බංග්ලාදේශයේ පසුගිය මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් විශිෂ්ට ජයක් ලබා ඇති අතර, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මේ වන විට සාපේක්ෂව ස්ථාවර තත්ත්වයක පවතින බවද වාර්තා වේ. එහෙත් ෂෙයික් හසීනා භාරදීම සම්බන්ධ ඉල්ලීම් හේතුවෙන් දෙරට අතර යම් මට්ටමේ ආතතියක් තවදුරටත් පවතින බව සඳහන් වේ.