ගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති වූයේ මමයි..! - සජිත්

President
By Thaya Mar 26, 2021 05:44 PM GMT
Report

දිනේෂ් ගුණවර්ධන මහතාගේ සූත්‍රයට අනුව පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති විය යුත්තේ තමන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලක්ෂ 69ක් ද, තමන්ට ඡන්ද ලක්ෂ 55 ක් ද ලැබුණ බවත් භාවිතා නොකළ ඡන්දද ගෝටාභය රාජපක්‍ෂ මහතාට විරුද්ද නිසා ජනාධිපති විය යුත්තේ තමන් බවත් ඔහු පැවසීය. ජිනීවා ඡන්ද විමසීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ගණනය කර ඇති ඒ ආකාරයට යයි ඔහු සදහන් කලේය. අද පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කීවේය.

Gallery