අකුරක් ලියන්න දන්නේ නැහැ...නමුත් සරසවි උපාධිධාරිණිය...!!!

University
By Thaya Feb 08, 2021 05:03 PM GMT
Thaya

Thaya

Report

ජීවිතය යනු හරිම පුදුම සහ විචිධාකර බව සඳහන් කළහොත් එය නිවැරදි. ජිවිතයේ යම් යම් දේවල් සිද්ධ වෙන්නේ සියල්ල පුදුමයට පත් කරමින්. ඒ ආකාරයේ අපුරු පුවතක් ඔබ අද අපි ඔබට කියන්නට යන්නේ. ඇය නමින් තිළිණි නිමේෂා ජයතිලක ය. අද ඇය පේරාදෙණිය සරසවියේ උපාධියක් හිමි කරගත් උපාධිධාරිණිය. නමුත් එය රෝද පුටුවක ආධාරයෙන් සිය අවශ්‍යතා සපුරාගන්නා තැනැත්තියක්. තමන්ගේ උනන්දුවෙන් අද ජීවිතය ජයගෙන ඇති බව අප සඳහන් කල යුතුය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ උපාධියක් ලබාගත් ඇය තමන්ගේ ජිවිත කාලයේ කිසිඳු දිනයක අකුරක්වත් ලියා නොතිබීමයි. ජිවිත කාලයේ කවදාක හෝ අකුරක්වත් ලියා නොමැති ඇය උපාධියක් ලබා ගත්තේ කොහොමද? එය ඉතාමත් වැදගත් කරුණක් වනවා.

ඒ අනුව ඇය පේරාදෙණියේ සරසවියේ පළමු උපාධිය ලබන්නේ වාචිකව පිළිතුරු සපයමින්. එසේ වාචිකව පිළිතුරු සපයමින් උපාධියක් ලෝකයේ පළමු වතාවට පේරාදෙණිය සරසවිය මගින් ලබාදී ඇති අතර වාචිකව පිළිතුරු සපයමින් උපාධියක් ලබාගත් පළමු තැනැත්තිය වශයෙන් තිළිණි නිමේෂා ජයතිලක පත්ව තිබීම විශේෂත්වයක්. ඇය අඹන්පිටිය ව්ශේෂ මහා විද්‍යලයේ ශිෂ්‍යාවක් වන අතර මෙය අප රටට මෙන්ම ලෝකයටත් ආඩම්බරයකි. එමෙන්ම විශේෂ අවශ්‍යතාවයන් ඇති බොහෝ පිරිසකට තම ජීවිකාව ඉදිරියට රේගෙන යාමට මෙය වටීනා ආදර්ශයකි.


GalleryGalleryGallery
ReeCha