නාගයෙකු ලවා 25 හැවිරිදි බිරිඳ මැරූ සැමියාට අවසානයේ අත්වූ ඉරණම..

Indian High court husband-kills-25-year-old-wife-with-a-snake-
By Aruna Oct 15, 2021 05:47 AM GMT
Aruna

Aruna

Report

ඝාතනයට හේතු දැවැදි ප්‍රශ්නයක් සිය බිරිඳ නිදාගෙන සිටියදී ඇය සර්ප දෂ්ටනයකට ලක්කොට මරා දැමූ සැමියකුට කේරළ අධිකරණයක් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කොට තිබේ.

25 හැවිරිදි එම බිරිය නයකු දෂ්ට කිරීමෙන් මියගොස් ඇත්තේ පසුගිය වසරේ මැයි මාසයේදීය.

ඒ පිළිබඳව ඇගේ සැමියා සැක පිට අත්අඩංගුවට ගනු ලැබිණි.

බිරිඳගේ ඥාතීන්ද පවසා තිබුණේ ඇගේ මරණය සැක සහිත බවයි. ඊට සති කිහිපයකට පෙර ඇයට මේ ආකාරයෙන්ම වැලි පොළඟෙකු දෂ්ට කර තිබීම ඊට හේතුවය.

වැඩිදුර පරීක්ෂණවලදී ඇගේ ඝාතනයට දෑවැද්ද පිළිබඳ ප්‍රශ්නයක් බලපා ඇති බව පොලිසිය හෙළි කර ගෙන තිබිණි.

පරීක්ෂණ කටයුතු අතරේදී ඔහුට සහාය දුන් පුද්ගලයකුද අත්අඩංගුවට ගනු ලැබීය.

සහායකයා සැමියාට නයකු සපයා දුන් පුද්ගලයා ලෙස සැලකේ. පසුව ඔහු පොලිසියේ සාක්ෂිකරුවකු බවට පත් වූයේය.

මෙම නඩු විභාගය සඳහා පොලිසිය පිටු 1000ක පමණ ලිපි ලේඛන හා වාර්තා ඉදිරිපත් කර ඇත.

මෙය එරට අධිකරණය ලබාදුන් දුර්ලභ සිරදඬුවමක් සේ සැලකේ. බන්ධනාගාරගත කිරීමට අමතරව ඉන්දීය රුපියල් පන් ලක්ෂයක දඩයක්ද ඔහුට පනවා ඇත.

දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ...


තරු with ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.
වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.