කැත වැඩක් කළ අධ්‍යක්ෂක අඹුසැමි යුවළ මාට්ටු..

By Sewvandhi Dec 14, 2021 04:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට ප්‍රධාන පෙළේ වාහන සේවා නඩත්තු ආයතනයක පරිගණක පද්ධතිවල ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 13 කට අධික මුදලක් වංචා කළැයි කියන එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ අඹුසැමි යුවළක් සහ සැකකරුවන්ට සැඟව සිටීමට ආධාර කළ පෞද්ගලික බැංකුවක කළමනාකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබහ.

අදාළ ආයතනයේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කල අඹු සැමි යුවළට සැඟව සිටීමට ආධාර අනුබල දීම හේතුවෙන් මෙම පෞද්ගලික බැංකු කළමනාකරු අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

මෙම ආයතනයට අයත් පැපිලියාන ප්‍රදේශයේ පිහිටි ශාඛා දෙකක පමණක් මෙම මුදල් වංචා කර ඇති මෙම සැකකාර අඹුසැමි යුවල තවත් ශාඛා කිහිපයකින් මෙවැනි ආකාරයෙන් රුපියල් කෝටි තිහකට අධික මුදලක් වංචා කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි මෙම වංචා සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගැනීමට පැමිණෙන ලෙස සැකකරුවන්ට දැනුම් දී තිබුණද ඔවුන් දීර්ඝ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටි බවට ද කරුණු අනාවරණය විය.

මෙම ප්‍රධාන පෙළේ ආයතනයට දිවයින පුරා ශාඛා හතළිස් දෙකක් පමණ ස්ථාපිත ඇති අතර, ඒවායේ සිදුකළ විගණන පරීක්ෂණයකදී මෙම කරුණු හෙළි වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now