බිරිඳ ඝාතනය කළ සැමියා ප්‍රදේශයෙන් පළා යයි - ඔහුව සොයා විශේෂ විමර්ශනයක්
මාරවිල පොලීසිය විසින් බිරිඳ ඝාතනය කර පලා ගිය සැමියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ මරවිල, කටුනේරිය - බෑන්කඩ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය සඳහන් කරයි.
නිවසක සිදුව ඇති මෙම හදිසි සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (01) රාත්‍රී 11.40ට පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබී තිබේ.
විමර්ශනය දී මියගිය කාන්තාවගේ මළ සිරුර නිවසේ නිදන කාමරයේ හමුවී ඇති අතර, පොලීසිය පවසන්නේ පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු වී ඇති බවයි.
ඒ අනුව සැමියා තම බිරිඳගේ ගෙල පිහියකින් කපා ඝාතනය කර ඇති බවත්, මේ වනවිට සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත අතර, මාරවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටින බවද වාර්තා වේ.