කොළඹ වරායෙන් හමුවූ මිනිස් ඇටකටු ගොඩ ගැනීම අද. - අධිකරණ නියෝගය මෙන්න.
Sri Lanka Police
Port of Colombo
By Wayomi
වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් අතරතුර දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීමේ කටයුතු අද (05)වැනි දා ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (04) නියෝග කළා.
වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි මෙම නියෝග නිකුත් කළේ.
පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.
මහේස්ත්රාත්වරයකුගේ අධීක්ෂණය යටතේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සහභාගිත්වයෙන් පොලිස් රැකවල් මැද මෙම කටයුතු සිදු කරන ලෙසයි වරාය පොලිසියට එම නියෝගය මගින් දන්වා ඇත්තේ.