දෙහිවල සතුන් වත්තේ සතුන්ට කොරෝනා හැඳුණේ වවුලන්ගෙන්ද ?

corona viru thor Sri lanm thr
By Sithumi Jul 24, 2021 01:39 PM GMT
Sithumi

Sithumi

Report

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයන් ඇතුළු සතුන් කිහිපදෙනෙකුට කොරෝනා පැතිරුණේ එහි වවුලන්ගෙන් දැයි සැකයක් මතුව ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය . 

 කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සොයා බලා ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය . 

 දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් මුලින්ම වැළඳුණේ ”තෝර්” නැමැති සිංහයාටය. එම සිංහයාගේ තත්වය සතුටුදායක යැයි පැවසිය නොහැකි බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය . 

කොවිඩ් ආසාදනයවූ සිංහ ධේනුව, ඔරංඔටන් දෙදෙනා සහ චිම්පන්සි දෙදෙනාගේ තත්වය සාමාන්‍ය බව පැවසූ විමලවීර දිසානායක මහතා දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු සියලු සත්වෝද්‍යාන අනිද්දා (26) සඳුදා විවෘත කරන බවද පැවසුවේය . 

සත්වෝද්‍යාන වසා දැමීම නිසා ඒවායේ සතුන්ට කෑම බීම සඳහා අවශ්‍ය වියදම් සොයා ගැනීමද දුෂ්කර වී ඇතැයි හෙතෙම සඳහන් කළේය .