කොවිඩ් පස්වන රැල්ලකින් ආරක්ෂා වීමට ඔබ කළ යුතුම දේ මෙන්න..මේ ගැන දැඩිව සැලකිලිමත්වන්න..!

covid19 quarantine GMOA dr Manil Sumanathlaka
By Sewvandhi Sep 13, 2021 03:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ අගෝස්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ කොවිඩ් -19 ආසාදිතයින් සහ කොවිඩ් මරණවල ක්‍රමානුකූල අඩුවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එහි උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේ, එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් ජනතාව ස්වයං සංචරණ සීමා පනවා ගැනීම අත්‍යවශ්‍ය බවය.

“අගෝස්තු 20 වනදා සිට සංචරණ සීමා පනවා සති තුනක් පමණ වෙනවා මේ මොහොත වන විට. මෙම සංචරණ සීමාවල යම් කිසි හොඳ ප්‍රතිඵල අපිට දැන් පෙනෙනවා. මම හිතනවා මියගිය සංඛ්‍යාව 40%කින් පමණ, හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය 50%කින් පමණ අඩුවීමක් අපි දකිනවා අපි ඒ ගැන ඉතා සතුටු වෙනවා.

නමුත් මේ තත්ත්වයෙනුත් ඔබ සෑහිමකට පත්වන්නට එපා. ඒ තියෙන සෞඛ්‍ය නීතිවලට අනුකූල වන ඒ පිළිවෙත් සියල්ල ඉදිරියටත් පවත්වාගෙන යන එක මම හින්නේ ඉතාමත් සුදුසුයි. මොකද තවමත් 150කට පමණ වන රෝගීන් ප්‍රමාණයක් දවසකට මියයනවා. මේක සුළු ලෙස සලකන්නට එපා. ඒ නිසා මේ වසර අවසාන වන තෙක්වත් මේ සියලු සංචරණ සීමා ඔබට හැකිතාක් ආකාරයෙන් සෞඛ්‍ය පුරුදුවලට සම්පූරණයෙන් යොමු වෙලා පවත්වාගෙන යන්න.“

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වු තරම් සිදුනොවුව ද පවතින තත්ත්වය තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට යම් දායකත්වයක් ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේ අඛණ්ඩව නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවය.

“අපි බලාපොරොත්තු වු තරමේ සංචරණ සීමාවක් සිද්ධ වුණේ නැති එක ඇත්ත. අපි නිර්දේශ කළේ 90%ක සංචරණ සීමාවක් හැබැයි බොහෝ විට 60%ක සංචරණ සීමාවක් තමයි ප්‍රායෝගිකව ක්‍රීයාත්මක වුණේ එතකොට මේ තත්ත්වය යටතේ වුණත් වේගයෙන් පැතිරීම යම් අඩුවක් වුණා කියන එක පැහැදිලියි. මොකද පොදු ප්‍රවාහාන සේවා ක්‍රීයාත්මක වුණේ නැහැ.

සංචරණ සීමා පනවා තිබුණ කාලය තුළ. එතකොට අනිවාර්යෙන් රෝගය ව්‍යාප්තවීමේ අඩුවක් දැකින්නට ලැබුණා පැහැදිලිව. රට නැවත විවෘත කිරීම තමයි වැදගත් ඉතින් එතනදි උත්සව වැනි දෑ රජය දැඩි මැදිහත්වීමකින් නැවැත්විය යුතු වෙනවා තව සෑහෙන කාලකට. සංචරණ සීම ඉවත්කරලා රට විවෘත කරනකොට අදාළ මාර්ගෝපදේශවලට හැමෝම අනුගත වුණොත් අපිට මේක පාලනය කරගන්න පුළුවන් වේවි. එහෙම නොවුණහොත් පස්වෙනි රැල්ලක් එන එක වළක්වා ගන්නට ලැබෙන්නේ නැහැ. “

------------------------------------------------------

ඩිනක්ෂි ගෙන් කොවිඩ් වැක්සින් එක ගැන වීඩියෝවක්:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now