පුද්ගලයෙක්ට ඇබ්බැහි වෙන්න කලින් අනිවාර්යෙන්ම කියවන්න..

By Sewvandhi Oct 08, 2021 01:47 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අපි පුද්ගලයෙක් පිළිබදව නොකඩවා හිතන වාරයක් පාසාම දන්නෙම නැතුවම අපේ හිත ඒ පිළිබද කරුණු ,මතක රදව ගන්නව. හිතන සෑම තප්පරයක් තුළම මේ දේ සිද්ධ වෙන්න පුලුවන්. මේ ක්‍රියාවලිය කෙනෙක් දවසක් දෙකක් සිදු කළා නම් ඔහු නිවැරදි අවබෝධයට පත් වෙලා එතනදිම සිය මනසෙහි පාලනය වෙනස් කරන්න උත්සහ කළොත්, ඔහුට හෝ ඇයට නිදහස් කරන්න තියන මතක ප්‍රමාණය ඒ දින දෙකට පමණක් සීමා වෙනවා.

නමුත් කෙනෙක් මේ මතක දින ගණනාවක් ගෙන යනවනම්, නැති නම් තව බලාපොරොත්තු හීන මනස තුළින් ගොඩ නගන්න උත්සහ දරනවනම්, යම් අනපේක්ෂිත අවාස්තාවක ඔහුට හෝ ඇයට විදින්න වෙන වේදනාව අධිකයි.මේ සිදුවීම් ආදරෙන් ඉන්න දෙන්නෙක් අතර සිද්ධ වෙන්න පුලුවන්, ඒ වගේම කෙනෙක් ගැන හිතේ තියාගෙන ඉද්දි වුණත් සිද්ධ වෙන්න පුලුවන්. මේ අවස්ථා දෙකේදීම ඇති වෙන වෙනස සහ ඇති වෙන මනෝවිද්‍යාත්මක අභ්‍යන්තර ක්‍රියාවලියේ බොහෝ තැන් සමානයි.

පුද්ගලයෙක්ට ඇබ්බැහි වෙන්න කලින් අනිවාර්යෙන්ම කියවන්න.. | How To Manage Mental Pain

Breakup pain

කලින් ආදර සබදතාවයක අත්දැකීමක් නැති හෝ ආදර සබදතාවයකින් නිවැරදි අවබෝධයක් නොලබන කෙනෙක් ඉහත කිව්ව හැගීම් සහ බලාපොරොත්තු මත අධික ලෙස සිටීම නිසා Breakup pain එක අධික ලෙස ඇති කරගන්නවා .උදාහරණයක් විදියට පාසල් වයසෙ ඉන්න කෙනෙක් ආදරය සමග බැදුනම ඔවුන්ට අනාගතය ගැන නිශ්චිත අදහසක් බොහෝ විට නැහැ .

ඔවුන් බලාපොරොත්තු ගොඩ නැගීමේ සීමාද නෑ. මොකද මේ ක්‍රියාවලිය නිසා වෙන බලපෑම ගැන නිසි අවබෝධයක් හා අත්දැකීමක් ඔවුන්ට නැති නිසා. ඒ නිසා මේ වයසෙ කෙනෙක්ට අධිකව මේ වේදනාව විදින්න සිද්ධ වෙන අවස්තා වැඩියි. නමුත් පාසල් වයසෙම නෙමෙයි වයස 18 – 26 ක් අතර ඕනම කෙනෙක්ට සහ එතනින් එහා ඕනම වයස් පරතරයක කෙනෙක්ට වුණත් මේ වේදනාව අධිකව දැනෙන්න පුලුවන්.

මොකද ඔවුන් කොච්චර අත්දැකීම් සහිතයි කියල හිතුවත් මනස තුළ මේ වගේ දෙයක් නැවත නැවත සිද්ධ වුණත් ඒක පාලනය කරගන්න තරම් සූදානමක්, සැලැස්මක් නෑ. ඒකට හේතුව මේ අවස්තාව තුළ හැගීම් මතින් තීරණ ගන්න ප්‍රතිශතය ගොඩක් ඉහළ නිසා. අවබෝධයෙන් තීරනණ ගන්න අපහසුයි. මොන තරම් දැනුමක් තියන කෙනෙක්ට වුණත් මේ මොහොත දරාගන්න අමාරු ඒ නිසයි.

අතේ දුරින් ආදරය

බොහෝ පිරිස් ආදරයක් පටන් ගද්දි ලොකුවට හොයල බලන්නෙ නෑ. ඇතැම් විට තමන්ගෙ ජීවිතේට ඉතාම වැරදි ප්‍රතිඵල ගෙනත් දෙන කෙනෙක් එක්ක වුණත් දැන දැනම ආදරයෙන් බැදෙනවා. නැත්තන් එහෙම බැදුනට පස්සෙ කාලයක් ගිහින් සියල්ල දැනගන්නවා . එතකොට ඇබ්බැහිවෙලා ඉවරයි.

ආදරයක් පටන් ගත්තට 100% ඒ ආදරයට මුළු මනසම වෙලා ගන්න දෙන්න එපා. ඒ හැගීම් දවසේ වැඩ කටයුතු හෝ ඔබ සතුටින් කරන වැඩ සමග සම්බන්ධ කරන්න එපා. ඒ කියන්නෙ ඔයාගෙ සාමාන්‍ය ජීවිතය හා ඔබ දෙන්නගෙ සම්බන්ධය පුලුවන් තරම් වෙන් වෙන්ව තියාගන්න. ඔහුට හෝ ඇයට කතා කරන වෙලාවක් තියාගන්න. අවශ්‍ය සොයා බැලීම්, ගමන් බිමන් ඒ අවස්තාව සදහා තියාගන්න.

පැය 24 ම නොයෙකුත් අවස්තාවල කරන හැම වැඩක් එක්කම ඒ කෙනාව මතක් කර කර හීන ලෝක වල යන්න එපා. හැම තප්පරේම ඒකම හිත හිත msg , photos බල බල ඕනවට වඩා මනසට කාවද්දන එපා. හැමදාම මුලු දවසෙම Calls වල ඉන්න එපා. ඒක සම්පූර්ණ Toxic Level එකක්.

පුද්ගලයෙක්ට ඇබ්බැහි වෙන්න කලින් අනිවාර්යෙන්ම කියවන්න.. | How To Manage Mental Pain

ඔබ ඔබටම ආදරය කරන්න

එහෙම මුල සිටම කරනවනම් යම් අනපේක්ෂිත අවස්තාවක් ආවොත් ඔයා විදවන ප්‍රමාණය ඉතාම අධිකයි. මොකද මුලදිම මේ දේ පාලනයෙන් අවබෝධයෙන් කරන්න පුලුවන් වුණත් පසු කාලීනව අධිකව ඒ මත හිටියම ස්ව්‍යංක්‍රීයව මතක හිතට ගලා යෑමේ තත්වය ආරම්භ වෙනව.

ඒ කියන්නෙ මනස ඔයාගෙ පාලනයෙන් බැහැරට යන අවස්තාව. දැන් කෙනෙක් හිතන්න පුලුවන් ආදරය කරද්දි කොහොමද මේ විදියට කරන්නෙ, Time table වලට වගේ කොහොමද ඒක කරන්නෙ, ආදරේ කියන්නෙ ජීවිතේ කියල. නමුත් ඔබ ඔබට ආදරෙනම්, විදවන්න පසුතැවිලි වෙන්න අකමැතිනම්, ඔබට ඉලක්ක තියනම් ඒ සිතුවිල්ල වෙනස් කරන්න ඕන.

ලෝකෙ කට්ට කාල ඉහලට ආපු ධනවතුන් ක්‍රීඩකයන්, ඇතුලු බොහෝ පිරිස් තමන්ගෙ ඉලක්කයට වෙන කෙනෙක්ගෙ ආදරයක් අනවශ්‍යය විදියට මුසු කරගත්තෙ නැති අය. ඔවුන්ට ඒ ආදර කතා වලට වෙනම කාලසීමාවක් තිබුණා . අධිකව තමනගෙ වැඩ වලට ආදරය මුසු කරගත්තොත් කවදාවත් පුද්ගලයෙක් ඔහු කරන දේ සාර්ථක කරගන්නෙ නෑ. මොකද ඒ හරහා වෙන අනපේක්ෂිත සිදුවීම් ඒ බලපොරත්තු බිද වැටෙනවා වගේම තමන්වද මානසිකව අඩපණ කරනවා .

මානසික නිදහස අංක එක

මිනිස්සු එක්ක සබදතා තියෙද්දි වෙනස්වීම් වලට මුහුණ දීමේ අවධානම හැම වෙලේම තමන් ළග තියාගන්න පුරුදු වෙන්න . කලින් නොතේරුණාට ඒ අවස්ථාවට මුහුණ දෙන්න ලැබුණම ජීවිතය කොච්චර අමාරුද කියල දැනෙන්න පටන් ගන්නවා. ඔබේ වටින ජීවිතය, කාලය එතන සිට විනාස වෙන්න පටන් ගන්නව.

ඇත්තටම වේදනාව අවම වන විදියට සම්බන්ධයක් පවත්වනවා නම් ඕනවට වඩා හිතට ගන්න එක මුල් අවස්තාව ඉදළම නොකල යුතුයි. ඒකෙන් අදහස් කරන්නෙ එයාට දැනෙන්න ආදරේ කරන්න එපා කියල නෙමෙයි. ඒ වගේම අතර මග එයාව දාල යන්න කියලත් නෙමෙයි. මේ දේ නිවැරදිව තේරුම් ගන්න.

ආදරේ කරන්න ළගින් ඉන්න. කොච්චර ළගින් ඉදියත් මේ ලොකෙ වෙනස් වෙන ස්වභාවය පිළිබද අවබෝධයට හිතේ මුල් තැන තියාගන්න. ඔබේ ආදර කතාවෙන්ත් දීර්ඝ කලයක් ලැබෙන්නෙ දුක සහ පසුතැවීම නම් ඔබේ ජීවිතය ආපස්සට අදින බව දන්නවනම් එය නිසැකවම ඔබ අත්හැරිය යුතු බැදීමක්. නිවැරදි බැදීමක් ඔබට දිගු කාලයක් ඒ සෘණාත්මක අත්දැකීම් ලබා දෙන්නෙ නැත. වැරදි ආදරයකට ඇති ඇබ්බැහි වීම නවතින තැන ඔබ ජීවිතය දකින බව මතක තබාගන්න.

පුද්ගලයෙක්ට ඇබ්බැහි වෙන්න කලින් අනිවාර්යෙන්ම කියවන්න.. | How To Manage Mental Pain

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now