අමතර ලාභයක්ද හොයන්නේ? මෙන්න ඒ ලාභය අද ඔබටයි...
🔴 මේෂ (Aries)
උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. ඍජු ගුණයෙන් ක්‍රියාකිරීම මත තරමක් විවේචනයට ලක්වීමට ඉඩ තිබේ. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු අතර තම ආර්ථිකය ද වර්ධනය වේ. සෙම් කෝප රෝග ද මතුකරයි.
ජය අංකය: 09 | ශුභ වර්ණය: රතු.
🔴 වෘෂභ (Taurus)
ක්‍රියාකාරි දිනකි. පොදු සේවා, සමාජ සද්ක්‍රියා ආදී ක්‍රියාවන්හි යෙදේ. පෙනෙන මෙන්ම නොපෙනෙන සතුරු බලපෑම් යෙදෙන අතර බුද්ධියෙන් ක්‍රියාකළ යුතු දිනකි. අමතර ලාභ ලබයි. මූල රෝග, භගන්දර මතුවෙයි.
ජය අංකය: 04 | ශුභ වර්ණය: සුදු .
🔴 මිථුන (Gemini)
නව නිර්මාණකරණයට හේතුයි. උගතුන්ගෙන් හා වියතුන්ගෙන් උදව් උපකාර ද ලබයි. උත්සව සාද වැනි දේවල් ද යෙදෙන අතර වෙනදාට වඩා වැයපස ද ඉහළ යන දිනකි. ආමාශගත රෝග, බඩවැල් ආශ්‍රිත රෝග මතුවේ.
ජය අංකය: 06 | ශුභ වර්ණය: රන්වන්.
🔴 කටක (Cancer)
ගමන් බිමන් තරමක් අධික වන අතර වැයපස ද තරමක් ඉහළ යයි. රාජකාරි ස්ථානවල පැවති බාධා ඉවත් වෙයි. තම වචනවල ප්‍රධාන බවක් මතු කරයි. හදිසි ධන වාසනා ද ලබයි. සිරසගත රෝග, උෂ්ණ රෝග මතු කරයි.
ජය අංකය: 03 | ශුභ වර්ණය: රෝස.
🔴 සිංහ (Leo)
ශුභාශුභ ඵල දෙයි. ක්‍රියාශීලි දිනකි. දහමට ළැදිව ක්‍රියාකරයි. ආගමික වතාවත් ගරු කරන අතර තම ඥාතීන් ද දහමට යොමුකරවන ක්‍රියා දියත් කරයි. හදිසි ධන ලාභ ගෙන දෙයි. සිරසගත රෝගවලට හේතුයි.
ජය අංකය: 01 | ශුභ වර්ණය: ළා දම්.
🔴 කන්‍යා (Virgo)
නිදහස් මනසින් ක්‍රියාකරයි. පොදු සේවා කටයුතු, දහම් සේවා ක්‍රියා වැනි දේවලට යොමුවෙයි. පූජ්‍ය පක්‍ෂය සමග ඉතා ළැදි බවක් පෙනේ. මහජන ප්සාදයට පත්වන දිනකි. හදිසි ලාභ ද ලබයි. ස්නායුගත රෝග, නහර වේදනා ඇති වෙයි.
ජය අංකය: 05 | ශුභ වර්ණය: කොළ.
🔴 තුලා (Libra)
සුපුරුදු ක්‍රියාවන්වලට අමතර ක්‍රියාකාරකම්වල යෙදෙන අතර පොදු සේවා, සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. තවද ධර්මානුකූලව ක්‍රියා කරයි. ආගමික වතාවත්, පුද පූජා ආදියෙහි යෙදේ. අමතර ලාභ ලබයි. සෙම් කෝප රෝග මතුවේ.
ජය අංකය: 07 | ශුභ වර්ණය: ක්‍රීම්
🔴 වෘශ්චික (Scorpio)
තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. තම නිවස සුළුවෙන් හෝ උත්සව ශ්‍රියාවක් ගෙන දෙයි. නවක මිතුදම්, ප්‍රේම සබඳතා ඇති වෙයි. ආගමික වතාවත්, පුද පූජා ආදියෙහි යෙදේ. මුත්‍රා ආසාදන මතු කරයි.
ජය අංකය: 08 | ශුභ වර්ණය: දුඹුරු.
🔴 ධනු (Sagittarius)
ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ගමන් බිමන්ද තරමක් බහුල වෙයි. ආගමික උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. විනෝද ක්‍රියාකාරකම්වල ද යෙදෙන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවේ.
ජය අංකය: 02 | ශුභ වර්ණය: ළා රෝස .
🔴 මකර (Capricorn)
ක්‍රියාකාරකම් බහුලයි. විනෝද ගමන්, වන්දනා ගමන් වැනි දේට හේතුයි. පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන අතර වැයපස ද ඉහළ යන දිනකි. හදිසි ලාභ ද ලබයි. වාතාධික රෝග මතු කරයි.
ජය අංකය: 08 | ශුභ වර්ණය: තද දුඹුරු.
🔴 කුම්භ (Aquarius)
විනෝදජනක උත්සව, ගමන් බිමන් බහුල වෙයි. නවක මිතුදම් ඇති වෙයි. ආගමික උත්සවවල ද යෙදෙන අතර තරමක් මිල මුදල් වැය කරන දිනකි. පොදු සේවා කටයුතු වල ද යෙදෙන දිනකි. සෙම් කෝප රෝග මතුවේ.
ජය අංකය: 05 | ශුභ වර්ණය: නිල් .
🔴 මීන (Pisces)
සැහැල්ලු සිතින් දවස ගෙවයි. ආගමික වතාවත්, පුද පූජාකර්ම වැනි දේවල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. තම නිවස උත්සව ශ්‍රියාවක් ඇති වෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුකරයි.
ජය අංකය: 01 | ශුභ වර්ණය: දම්.
