කොළඹ පුරපතිකම වෙනුවෙන් සියලු කණ්ඩායම් සජබෙට සහය?

Report

පළාත් පාලන ඡන්ද ක්‍රමය අනුව, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය අනිවාර්යයෙන්ම රහස් ඡන්දයකින් තෝරාගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ව්‍රායිට කොළඹ පුරපතිකම හීනයක් වෙයි?

ව්‍රායිට කොළඹ පුරපතිකම හීනයක් වෙයි?

කොළඹ මහ නගර සභාව තුළ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 117 ක් වන බවත්, එයින් අඩක් වන 58-59 වැනි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් බහුතරය ලෙස ලබාගත යුතු බවත්, නමුත් ආණ්ඩුවට ලැබී ඇත්තේ මන්ත්‍රී ධුර 48 ක් නිසා ඔවුන්ට බහුතර බලයක් ලැබී නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

මාලිමා ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණ වේදිකාවේදී පවසා සිටියේ තමන් හැර අනෙක් පක්ෂ සියල්ලම හොරු යන බවද, දැන් බලය ලබා ගැනීම සඳහා සන්ධානගත විය හැකි යැයි පවසන්නේ එම හොරු සමගදැයි යන්න විමසා සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

ජනතා විමුක්ති පෙරමුණේ අවස්ථාවාදීකම මෙයින් පෙන්නුම් කරන බවත්, තමාගේ බලය රැක ගැනීමට අවශ්‍ය වූ විට ඔවුන් ඕනෑම දෙයක් සිදු කරන බවයි ඔහු පවසන්නේ.

කෙහෙලිය අල්ලස් කොමිසමින් අත්අඩංගුවට

කෙහෙලිය අල්ලස් කොමිසමින් අත්අඩංගුවට

කොළඹ මහ නගර සභාව තුළ ආණ්ඩුවට විපක්ෂව තරග කළ කණ්ඩායමට මන්ත්‍රී ධුර 69 ක් ලැබී ඇති බවත්, සමගි න බලවේගයේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එම හැම කෙනා සමගම, සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.