පොදුජන එක්සත් පෙරමුණේ සහාය අවශ්‍ය පළාත් පාලන ආයතන වලට දෙනවා - ලසන්ත අලගියවන්න

Report

පළාත් පාලන මැතිවරණයේදී තමන් බලාපොරොත්තු වූ දේ ඉටුවුනු බව පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ලසන්ත අලගියවන්න පවසනවා. පක්ෂයක් ලෙස තමන් සිටින තැන ගැන සෑහීමකට පත් වන බවත්, මන්ත්‍රී ධුර 300 කට වඩා පත් කරගෙන ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

අපි කිසිම දේශපාලන පක්ෂයක් සමග මුක්කු ගහන්නෑ

අපි කිසිම දේශපාලන පක්ෂයක් සමග මුක්කු ගහන්නෑ

ගමේකමට හෝ වෙනත් පක්ෂ පාටවලට හෝ ඡන්දය නොදෙන ලෙසත්, ආණ්ඩුවේ වැඩපිළිවෙලට ඡන්දය දෙන ලෙසත් ආණ්ඩුව මැතිවරණයේදී ඉල්ලා සිටි බවද, ජනතාව ඊට සුදුසු පිළිතුරු ලබාදී ඇති බවද, ආණ්ඩුව 2/3 ක් බලාපොරොත්තු වූ නමුත් එය නොලැබුණු බවද ඔහු ප්‍රකාශ කරනවා.

තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දායකත්වය අවශ්‍ය පළාත් පාලන ආයතනවලට එය ලබාදීමට සූදානම් බවයි පොදුප්න එක්සත් පෙරමුණේ මහලේකම් ලසන්ත අලගියවන්න වැඩිදුරටත් පවසා සිටියේ.

කොලඹට සජබෙන් නගරාධිපති කෙනෙක්

කොලඹට සජබෙන් නගරාධිපති කෙනෙක්