ඉන්දියා පකිස්ථාන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් රැසක් මරුට

By Mithu May 07, 2025 03:31 PM GMT
Report

අඟහරුවාදා රාත්‍රියේ සිට පකිස්ථානය විසින් එල්ල කරන ලද කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 15 දෙනෙකු මියගොස්, 43 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය හමුදාව පවසනවා. ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පූන්ච් සහ තංඩාර් හි සිවිල් ප්‍රදේශවලට එම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි සඳහන් වෙන්නේ.

කොලඹට සජබෙන් නගරාධිපති කෙනෙක්

කොලඹට සජබෙන් නගරාධිපති කෙනෙක්

එසේම, ගුවන් ප්‍රහාර සහ දේශසීමා වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගිය බව පාකිස්තානය පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර, ගුවන් ප්‍රහාරවලින් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර නියමිත ගුවන් ගමන් 550 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති බව වාර්තා වනවා.

ගුවන් ප්‍රහාරවලින් පසු පාකිස්තානයේ සියලුම නියමිත වාණිජ ගුවන් ගමන් වලින් 16% ක් සහ ඉන්දියාවේ 3% ක් අවලංගු කර ඇති බවයි ගුවන් ගමන් නිරීක්ෂණ සේවාවක් වන Flightradar24 පවසන්නේ.

කෙහෙලිය අල්ලස් කොමිසමින් අත්අඩංගුවට

කෙහෙලිය අල්ලස් කොමිසමින් අත්අඩංගුවට