නව පාප් වහන්සේ තේරීම වෙනුවෙන් වතිකානුවේ සියලු දුරකථන සබඳතා අත්හිටුවයි

By Mithu May 07, 2025 05:49 PM GMT
Report

මොහොතකට පෙර වතිකාන නගරයේ සියලුම දුරකථන හා අන්තර්ජාල සම්බන්ධතා අත්හිටවනු ලැබුවා.නමුත් ශාන්ත පීතර බැසිලිකාවේ මේ අවහිරතාව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මේ දුරකථන සබඳතාවයන් නැවත ක්‍රියාත්මක වන්නේ නව පාප් වහන්සේ පත් වී ඒ බව නිවේදනය කිරීමෙන් පසුවයි.

අපි කිසිම දේශපාලන පක්ෂයක් සමග මුක්කු ගහන්නෑ

අපි කිසිම දේශපාලන පක්ෂයක් සමග මුක්කු ගහන්නෑ

ශාන්ත පීතර බැසිලිකාවේ මේ අවහිරය ක්‍රියාත්මක නොවන්නේ දහස් ගණන් සංචාරකයන් නිතරම එය නරඹන්නට පැමිණෙන නිසයි. ඊට අමතරව පාප්වරණය ( Conclave ) වාර්තා කිරීමට ලොව නන් දෙසින් පැමිණි මාධ්‍යවේදීන්ගේ අවශ්‍යතාවත් මෙහිදි සළකා බලා තිබෙනවා. පාප්වරණය අවසාන වන තුරු වතිකානයේම පිහිටි කාසා ශාන්ත මාර්තා නවාතැනේ තම ජංගම දුරකථන තැබීමට කාදිනල්වරුන්ට නියම කෙරෙනවා.

මේ කාලය තුළ පාප්වරණය වෙනුවෙන් පත්කරන වෛද්‍යවරුන්, කෝකියන්, ගෘහ සේවකයන්, රියදුරන්ටත් සියළු බාහිර සබඳතා තහනම් වෙනවා. ලොව පුරා කාදිනල්වරුන් 252ක් සිටියත් මෙවර පාප් වහන්සේ තේරීමට හිමිකම් ලබන්නේ කාදිනල්වරු 133ක් පමණයි. ඊට හේතුව වයස අවුරුදු 80ට වඩා වැඩි කාදිනල්වරුන් මෙයින් ඉවත් කර තැබීමයි.

අතීතයේ පාප්වරණය අතරතුර වයෝවෘද්ධ කාදිනල්වරුන් මියගොස් තිබෙනවා. වතිකාන සම්ප්‍රදාය අනුව පාප්වරණයට සහභාගී වන කිසිවෙකුට නව පාප්වරයා තෝරාගෙන මිසක් Conclave එකෙන් පිටවන්න බැහැ. මෙවර වයස අවුරුදු 80ට අඩු කාදිනල්වරු 136ක් සිටියත් දෙදෙනෙක් අසනීප තත්ත්වය නිසා රෝමයට පැමිණ නැහැ.

කොළඹ පුරපතිකම වෙනුවෙන් සියලු කණ්ඩායම් සජබෙට සහය?

කොළඹ පුරපතිකම වෙනුවෙන් සියලු කණ්ඩායම් සජබෙට සහය?

එක් අයෙකු චුදිතයෙකු නිසා ස්වේච්ඡාවෙන් තරඟයෙන් ඉවත් වී තිබෙනවා. රතුපාට කබායෙන් සැරසුණු කාදිනල්වරුන් 133 දෙනා මේ වන විට වතිකානයේ සුප්‍රසිද්ධ සිස්ටීන් චැපල් දේවස්ථානය තුළට රැස්ව සිටිනවා. ඉතින් ශාන්ත පීතරතුමාගෙ වර්තමාන අනුප්‍රාප්තිකයා කවුදැයි වතිකාන චිමිනියේ සුදු දුමාරයත් සමඟ නුදුරේදීම දැක ගැනීමට හැකිවනු ඇති.