ගෙවල් කුලී පනතේ විශාල සංශෝධනයක්..කුලී මිල ඉහළට..?

By Sewvandhi Sep 28, 2021 08:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිළිඳු තැනැත්තන්ගේ නිවාස අවශ්‍යතාවන් සපුරාලීම සඳහා සහ දිළිඳු කුලී නිවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත හඳුන්වා දෙනු ලැබූවද වර්තමානය වන විට ගෙවල් කුලී පනතේ යල් පැන ගිය විධිවිධාන මඟින් නිවාස ක්ෂේත්‍රයට, කුලී පදනම මත ලබා දී ඇති පරිශ්‍රයන්ට මෙන්ම දේපළ ගනුදෙනුවලට අහිතකර බලපෑම් එල්ල වී තිබේ.

එබැවින්, වර්තමාන අවශ්‍යතාවයන්ට ගැ‍ළපෙන අයුරින් එකී පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කර ඇති ගෙවල්කුලී නීති උපදේශක කමිටුව විසින් ගෙවල්කුලී නීතිය සංශෝධනය සඳහා අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, එකී කමිටු වාර්තාව මඟින් යෝජිත සංශෝධන ඇතුළත් කරමින් ගෙවල්කුලී පනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now