මැදපෙරදිග යුද්ධය ගැන මැතිසබා විවාදය 20

Report

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හා ඒ හේතුවෙන් ලෝකයේ මතුව ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

සභාව කල් තැබූ අවස්ථාවේදී විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව, මෙම විවාදය එළඹෙන මාර්තු 20 වැනිදා පැවැත්වීමට තීරණය වී ඇත.

විවාදය එදින උදේ 11.30 සිට සවස 5.30 දක්වා පැවැත්වෙන අතර, එය විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබේ.

ඩ්‍රෝන යානා භාවිතා කරමින් ත්‍රස්ත ප්‍රහාරයක්? පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

ඩ්‍රෝන යානා භාවිතා කරමින් ත්‍රස්ත ප්‍රහාරයක්? පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර තිබූ බවත්, ලෝක තත්ත්වයන් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් වාර්තා වේ.

මෙම විවාදය හරහා මැදපෙරදිග ගැටුම්වල බලපෑම්, ඒවායින් ශ්‍රී ලංකාවට ඇති විය හැකි ආර්ථික, ආහාර ආරක්ෂාව, බලශක්ති හා ජාත්‍යන්තර සබඳතා සම්බන්ධ බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණය අනුව මෙම විවාදය සඳහා සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇත.

ඉරාන ගුවන් ප්‍රහාරයෙන් කුවේටයේ රාජ්‍ය ආයතනයක් ගිනිබත් වේ

ඉරාන ගුවන් ප්‍රහාරයෙන් කුවේටයේ රාජ්‍ය ආයතනයක් ගිනිබත් වේ