අපිට මුල මතකයි යුද්ධේ දිනුවට පස්සේ එකතුවෙන අය අපිට එපා - ට්‍රම්ප්ගෙන් බ්‍රිතාන්‍යයට අනතුරු ඇගවීමක්

Report

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එක්සත් රාජධානිය විසින් යුද කටයුතු සහිත ගුවන් යානා සහ ප්‍රවාහන නෞකා යොදවීමට පියවර ගත් බවත්, එම තීරණය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය තම ‘HMS Prince of Wales’ නෞකාව සීරුවෙන් තබා ඇති බව නිවේදනය කිරීමෙන් පසු, ට්‍රම්ප් තම ‘Truth Social’ ගිණුම තුළ සටහනක් පළ කරමින්,

මැදපෙරදිග ඇවිලෙද්දී ලාංකිකයන් සිව් දෙනෙකුටත් අනතුරක් - සියල්ලගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙරට

මැදපෙරදිග ඇවිලෙද්දී ලාංකිකයන් සිව් දෙනෙකුටත් අනතුරක් - සියල්ලගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙරට

“අගමැති ස්ටාර්මර්, අපට දැන් ඒවා අවශ්‍ය නැහැ. නමුත් අපි මතක තබා ගන්නවා. යුද්ධවල ජයග්‍රහණය කර පසුව එකතු වන පිරිස් අපට අවශ්‍ය නැහැ”

යැයි සඳහන් කර තිබෙන බව වාර්තා වෙන අතර මේ හේතුවෙන් බ්‍රිතාන්‍යය දැඩි විවේචනයට ලක්වී ඇත. පසුගිය පෙබරවාරි 28 වනදා ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාව සමඟ මෙම යුද්ධය ආරම්භ විය.

මේ වන විට ඉරානය තුළ පුද්ගලයින් 1,332ක් මියගොස් ඇති අතර ඇමරිකානු සෙබළුන් 6 දෙනෙකු ද මියගොස් ඇති බව තහවුරු වී තිබේ. මීට අමතරව, ලෙබනනය, කුවේටය සහ ඉරාකය වැනි රටවලද මරණ වාර්තා වාර්තා වී ඇත.

මුලින්, මෙම යුද්ධයට සෘජුව සම්බන්ධ නොවීමට අගමැති කීර් ස්ටාර්මර් මැලි කමක් දැක්වූ අතර, බ්‍රිතාන්‍යය ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර මෙහෙයුම්වලට සම්බන්ධ නොවන බව පැහැදිලි කළේය.

සෞදි අරාබියත් යුද්ධෙට සූදානම් - ඉරානයට දැඩි අනතුරු ඇගවීමක්

සෞදි අරාබියත් යුද්ධෙට සූදානම් - ඉරානයට දැඩි අනතුරු ඇගවීමක්

කෙසේ වෙතත්, සීමිත ආරක්ෂණ කටයුතු සඳහා ‘ඩියේගෝ ගාර්ෂියා’ වැනි යුද කඳවුරු භාවිතා කිරීමට ඇමරිකාවට අවසර ලබා දී තිබුණි. මෙම යුද්ධයට බ්‍රිතාන්‍ය තුළ පවතින සහයෝගය අඩුය.

මෑත මත විමසුමකට අනුව, ජනතාවගේ 43%ක් මෙම යුද්ධය සාධාරණ නොවන බව පවසන අතර, ලන්ඩන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දහස් සංඛ්‍යාත පිරිසක් යුද්ධයට එරෙහිව විරෝධතාවලට සහභාගී වී තිබුණි.