සෞදි අරාබියත් යුද්ධෙට සූදානම් - ඉරානයට දැඩි අනතුරු ඇගවීමක්
සෞදි අරාබිය විසින් ඉරානයට දැනුම් දී ඇත්තේ අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුමට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබා ගැනීමට තමන් කැමැත්තෙන් පසුවන නමුත්, සෞදි අරාබියට හෝ එරට බලශක්ති ක්ෂේත්‍රයට දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් ඊට සමාන අයුරින් ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බවයි.
රොයිටර් පුවත් සේවය විසින් මේ පිළිබඳව දැනුවත් ආරංචි මාර්ග හතරක් උපුටා දක්වමින් අදාළ පුවත වාර්තා කර ඇත.
එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය කාලසීමාව පුරා සෞදි අරාබියේ තෙල් නිශ්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් සෞදි රජය සිය දැඩි ස්ථාවරය මෙලෙස ප්‍රකාශ කර ඇති බවයි.