ඇමෙරිකානු බුද්ධි අංශයේ රහසිගත වාර්තාවක් එළියට - ඉරානය පරාජය කරන්න බැරි බව හෙළිවෙයි

Report

වොෂින්ටන් පෝස්ට් වාර්තා කර ඇත්තේ ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළද, එරට පවතින ආගමික සහ මිලිටරි පාලන තන්ත්‍රය පෙරළා දැමීම අපහසු වනු ඇති බවට ඇමෙරිකානු ජාතික බුද්ධි මණ්ඩලය (NIC) කළ රහසිගත වාර්තාවක් මගින් අනතුරු අඟවා ඇති බවයි.

එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා බුද්ධි අංශ නිගමනය කරන ආකාරයට ඉරානය තුළ වසර ගණනාවක් පුරා මුල් බැසගෙන ඇති ආයතනික පද්ධතිය සහ ආරක්ෂක ව්‍යුහය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වුවද, බලය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එරට ආරක්ෂක අංශ සහ පූජක මණ්ඩලය සතුව විධිමත් වැඩපිළිවෙළක් පවතින බවත්ය.

ශ්‍රී ලංකාව යුද පිටියක් කිරීමට ඇමරිකාව සැලසුම් කරනවා - විමල් වීරවංශ

ශ්‍රී ලංකාව යුද පිටියක් කිරීමට ඇමරිකාව සැලසුම් කරනවා - විමල් වීරවංශ

ධවල මන්දිර ප්‍රකාශිකා ඇනා කෙලී සඳහන් කරන්නේ "ඔපරේෂන් එපික් ෆියුරි" (Operation Epic Fury) නමින් ක්‍රියාත්මක මෙම යුද මෙහෙයුමේ අරමුණ ඉරානයේ බැලිස්ටික් මිසයිල නිෂ්පාදන ධාරිතාව සහ නාවික හමුදාව විනාශ කිරීම බවයි.

කෙසේ වෙතත්, ඉරානයේ විපක්ෂ කණ්ඩායම් විසිරී පවතින බැවින්, පවතින පාලනය බිඳ වැටුණද ඔවුන්ට බලය අල්ලා ගැනීමට ඇති හැකියාව ඉතා අඩු බව බුද්ධි අංශ පෙන්වා දෙයි. මේ වන විට ඉරානයේ මීළඟ නායකයා කවුරුන්ද යන්න පිළිබඳව එරට අභ්‍යන්තරයේ යම් බල අරගලයක් පවතින බව වාර්තා වේ.

සෞදි අරාබියත් යුද්ධෙට සූදානම් - ඉරානයට දැඩි අනතුරු ඇගවීමක්

සෞදි අරාබියත් යුද්ධෙට සූදානම් - ඉරානයට දැඩි අනතුරු ඇගවීමක්

අභාවප්‍රාප්ත උත්තරීතර නායකයාගේ පුත් මොජ්තාබා කමේනිගේ නම ඒ සඳහා යෝජනා වී ඇති අතර, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඔහුට සහාය පළ කරයි. එහෙත් ඔහු "අදක්ෂයෙකු" බව පවසන ජනාධිපති ට්‍රම්ප්, ඉරානයට නව නායකයෙකු පත් කිරීමේදී තමන්ටද භූමිකාවක් තිබිය යුතු බව ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසා ඇත්තේ ඉරානයේ ඉරණම තීරණය කරන්නේ ඉරාන ජනතාව මිස විදේශීය බලවේග නොවන බවයි.

ලාෆ් ගෑස් සමාගමෙන් පාරිභෝගිකයින් පණිවිඩයක්

ලාෆ් ගෑස් සමාගමෙන් පාරිභෝගිකයින් පණිවිඩයක්