ගල් අඟුරු වංචාව පිළිබඳව ඕනිම ගැටලුවකට පිළිතුරු දෙන්න ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක්
මහජන හඬ මෙහෙයුම් කමිටුව පවසන්නේ, මාලිමා ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව සම්බන්ධව විශේෂ සම්මන්ත්‍රණයක් හෙට (9) පස්වරු 3ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිත බවයි.
මෙම සම්මන්ත්‍රණය තුළ, ගල් අඟුරු වංචාව පිළිබඳව ඇති ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීම සඳහා ප්‍රශ්නෝත්තර සැසියක්ද පවත්වනු ලැබෙන බව කමිටුව සඳහන් කරයි.
ඒ අතර, තත්වයෙන් සිදුවූ පාඩුව බිලියන ගණනකට ආසන්න බවද මහජන හඬ මෙහෙයුම් කමිටුව අවධාරණය කරයි.
පසුගිය දා වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ගෙන්වන ලද ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බව මෙන් ම ඒ හරහා වංචාවක් සිදුව ඇති බැවින් ඊට වගකිව යුතු සියලු දෙනා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේ ය.