මැදපෙරදිග ඇවිලෙද්දී ලාංකිකයන් සිව් දෙනෙකුටත් අනතුරක් - සියල්ලගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙරට

Report

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ,මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා කරයි.

කෙසේ වෙතත්, ඔවුන් මේ වන විට රෝහල්වලින් පිටවී ප්‍රතිකාර සම්පූර්ණ කර ඇති අතර, තත්වය මේ දක්වා අනතුරුදායක නොවන බවද සඳහන් කර ඇත.

රජය මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව ප්‍රමුඛතාවයෙන් සලකා, තානාපති කාර්යාල හරහා නිරන්තර සොයා බැලීම් සහ ආරක්ෂක ක්‍රියාමාර්ග යොදා ගෙන තිබේ.

නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තවත් තොරතුරු එළියට - බිලියන ගාණක මත්ද්‍රව්‍ය

නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තවත් තොරතුරු එළියට - බිලියන ගාණක මත්ද්‍රව්‍ය

ඉරානයේ ජනාධිපතිවරයා පවසන්නේ, අසල්වැසි රටවලට තවදුරටත් ප්‍රහාර නොකරන බව සහ කලින් සිදු වූ ප්‍රහාර පිළිබඳ සමාව ඉල්ලා ඇති බවයි.

කෙසේ වෙතත්, විදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරාන හමුදාව තවදුරටත් කුවේට්, කටාර්, සෞදි අරාබියා සහ එක්සත් අරාබි එමීර් ඇතුළු මැදපෙරදිග රටවලට ප්‍රහාර ක්‍රියාත්මක කරමින් පවතින බව පෙනී යයි.

එම අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කළ ඩ්‍රෝන් යානයක කොටසක් වැටීමෙන් පාකිස්තාන ජාතික රියදුරෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.

තත්ත්වය දරුණු අතට හැරෙද්දී ඩුබායි හි සිටින බ්‍රිතාන්‍ය වැසියන් මුදාගැනීමට විශේෂ ගුවන් යානයක්

තත්ත්වය දරුණු අතට හැරෙද්දී ඩුබායි හි සිටින බ්‍රිතාන්‍ය වැසියන් මුදාගැනීමට විශේෂ ගුවන් යානයක්