විදුලි මිල ඉහළට? අව්ව වැඩිකමට ජලාශ හිදෙයි - ජල විදුලි බලාගාර අනතුරේ

Report

මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාළගුණික තත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර වන මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවති.

එම ජලාශ භාර ඉංජිනෙරුවන් පවසා ඇත්තේ අද (08) දා පෙ.ව. 06.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිළිවෙලින් පිටාර මට්ටමේ සිට අඩි 10 ක් හා 15 ක් වශයෙන් පහත බැස ඇති බවයි.

සෞදි අරාබියත් යුද්ධෙට සූදානම් - ඉරානයට දැඩි අනතුරු ඇගවීමක්

සෞදි අරාබියත් යුද්ධෙට සූදානම් - ඉරානයට දැඩි අනතුරු ඇගවීමක්

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැන්යෝන්, විමලසුරේන්ද්‍ර හා බ්‍රෝඩ්ලන්ඩ් යන විදුලිබලාගාර සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයීම සිදු කෙරේ.

මධ්‍යම කඳුකරයට පවතින දැඩි වියළි කාළගුණික තත්වයත් සමග සංවිධානාත්මක පිරිස් විසින් ජලවිදුලිබලාගාර ජල පෝෂක ප්‍රදේශවල පිහිටි රක්ෂිත වනාන්තර වලට හා මානා පතන් වලට මේ දිනවල සිදු කරන ගිනි තැබීම් හේතුවෙන් ජලාශ ජලමට්ටම සීඝ්‍ර යෙන් පහත බැසීමට හේතුවක් වී ඇති බව පරිසරවේදීහූ හා ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.

මේ හේතුවෙන් ජල විදුලිබලාගාර ඉන්ධන මත ධාවනය කිරීමට සිදු වුවහොත් ඊට යන පිරිවැයත් ඉහළ යෑමටත් ඒ මත විදුලි මිල ඉහළ යෑමටත් හැකි බව වාර්තා වේ.

ලාෆ් ගෑස් සමාගමෙන් පාරිභෝගිකයින් පණිවිඩයක්

ලාෆ් ගෑස් සමාගමෙන් පාරිභෝගිකයින් පණිවිඩයක්