ලංවිම කෝටි 3,874ක් පාඩු - මූල්‍ය අර්බුදය උග්‍ර වෙයි

Report

ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) පසුගිය 2025 වසර තුළ රුපියල් මිලියන 38,740ක (කෝටි 3,874ක) අලාභයක් වාර්තා කර ඇති බව හෙළි වී තිබේ. මෙයින් අවසන් කාර්තුවේ (ඔක්තෝබර් - දෙසැම්බර්) අලාභය පමණක් රුපියල් මිලියන 29,160කි.

පෙර 2024 වසරේදී ලංවිම රුපියල් මිලියන 141,605ක ලාභයක් වාර්තා කළ අතර, එහි මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 109,910කි. නමුත් 2025දී මෙහෙයුම් පිරිවැය අඩු කිරීමට පෙරම රුපියල් මිලියන 26,163ක මෙහෙයුම් අලාභයක් වාර්තා වී ඇත. මෙය පෙර වසරේ මෙහෙයුම් ලාභයට සාපේක්ෂව දැඩි පසුබෑමකි.

විශේෂයෙන්ම පරිපාලන වියදම් 2025දී පෙර වසරට සාපේක්ෂව 50%කින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ. මෙම අලාභය එකතු වීමෙන් ලංවිමගේ සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 462,541 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම අලාභය වාර්තා වී ඇත්තේ මෑතකදී සිදුවූ ගල් අඟුරු ගනුදෙනුවේ පාඩුව එකතු වීමට පෙරය. එම ගනුදෙනුවේ බලපෑමත් එකතු වූ විට අලාභය තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇත.

ඉරාන නෞකා ප්‍රශ්නයේදී ලංකාවේ ස්ථාවරය ගැන ඇමෙරිකාව ගත් තීරණය මෙන්න

ඉරාන නෞකා ප්‍රශ්නයේදී ලංකාවේ ස්ථාවරය ගැන ඇමෙරිකාව ගත් තීරණය මෙන්න

ඊට අමතරව, මැදපෙරදිග ඉරාන-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ගණන් ඉහළ යාමේ ඉඩකඩ තිබෙන බැවින්, ලංවිමගේ ඉන්ධන පිරිවැය තවදුරටත් ඉහළ යා හැකිය. මෙම තත්ත්වය යටතේ මෙවර (2026) වසර තුළ සැලකිය යුතු විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකළහොත්, ලංවිමගේ අලාභය තවදුරටත් ඉහළ යාම නොවැළැක්විය නොහැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලංවිමගේ මූල්‍ය තත්ත්වය පිළිබඳව බලශක්ති අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය අතර සාකච්ඡා පවතින අතර, විදුලි ගාස්තු සමාලෝචනයක් හෝ රජයේ මූල්‍ය සහනයක් ලබාදීමක් මගින් මෙම අලාභය පාලනය කිරීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ. නමුත් ජනතාවට විදුලි ගාස්තු ඉහළ දැමීමේ බරක් එකතු නොවීමට රජය උත්සාහ දරමින් සිටී.  

රටේ තියෙන තෙල් ගැන හදිසි දැනුම්දීමක්

රටේ තියෙන තෙල් ගැන හදිසි දැනුම්දීමක්