මහියංගනය රෝහලේ සේවා කටයුතු කිහිපයක් හෙට සිට යළි ඇරඹෙයි
සුළිකුණාටු 'දිට්වා' හේතුවෙන් ඇතිවූ ගංවතුරින් බලපෑමට ලක්වූ මහියංගනය මූලික රෝහලේ පිරිසිදුකිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙම කටයුතු සඳහා හමුදාවේ සහයෝගය ලබාගෙන ඇති අතර, රුපියල් මිලියන 5ක පමණ වැයකින් රෝහල යථා තත්ත්වයට පත්කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතී.
කෙසේ නමුත් හෙට (03) දිනයේදී බාහිර රෝගී අංශ, ප්‍රාථමික සත්කාර සහ හදිසි සේවාවන් සම්පූර්ණයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයිද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
එමෙන්ම ආපදාව සිදුවූ අවස්ථාවේදී රෝහල තුළ සිටි රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කර යැවීමට පියවර ගත් බවත් සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ රෝහල තුළ තිබූ ඖෂධ ගබඩාවන්ට ජල ගැල්මෙන් හානි සිදුව ඇතැයිද එයින් යම් ඖෂධ ප්‍රමාණයක් භාවිතයට ගත නොහැකි ලෙස විනාශ වූ බවත්ය.