මේ පැති ඇරෙන්න අනිත් පැති වලට බස් දුවනවලු - ඇමතිතුමා පැහැදිලි කරයි [UPDATED]

Report

උතුරු පළාතේ හැර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් අනෙකුත් සියලුම ප්‍රාදේශීය ඩිපෝ යටතේ ඇති බස් රථ අද (28) දිනයෙදී සාමාන්‍ය ධාරිතාවයෙන් ධාවනය කෙරෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේකර පවසනවා.

----------------------------------------------

බස් වර්ජනේ නිසා පාරේ බස් තියෙනවද? නැද්ද? ඇමතිතුමා පැහැදිලි කරයි ----- @08.30 p.m.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය පිළිබද තම අසතුට ප්‍රකාශ කර ඇත.

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

ඔහු පවසන්නේ මෙම වැඩ වර්ජනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්චා කල පසු ආරම්හ වූ බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම පෞද්ගලික පොදු ඒකාබද්ධ කාලසටහන අලුත් වැඩ පිළිවලක් නොවන බවත් එය දැනටමත් සමහර පළාත්වල ක්‍රියාත්මක වී ඇති බවත්ය.

රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නියම වේ

රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නියම වේ

එමෙන්ම එම පෞද්ගලික පොදු ඒකාබද්ධ කාලසටහන මේ වනවිටත් දකුණු පළාතේ ක්‍රියාත්මක වන බවත් ලගදි එය පුත්තලම (A5) මාර්ගය දක්වා දීර්ඝ කළ බවවත්ය.

මෙම වැඩ පිළිවෙල මගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවය දුර්වල නොවන බවපවසන ඔහු ශ්‍රී ලංගම මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා රජය විසින් දැනටමත් අරමුදල් වෙන් කර ඇති බව පවසයි. එමෙන්ම ඉදිරියට එන අයවැයෙන් තවත් අරමුදල් වෙන් කරන බව ඔහු පවසයි.

“වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණද, එය සාර්ථක නොවනු ඇත.වර්ජනය අතරතුර බස් රථවලින් සියයට 90 ක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සූදානම්,”ලෙස අමාත්‍යවරයා පවසයි.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට

කවුරුන් හෝ බස් රථ මෙහෙයුම් කඩාකප්පල් කිරීමට හෝ අඩාල කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු අවධාරණය කරයි.

එමෙන්ම ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ වැඩ වර්ජනයෙන් කලබල නොවී සිටින ලෙසත්, ප්‍රවාහන සේවා බාධාවකින් තොරව අඛණ්ඩව පවතින බවත්ය.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය