උණුසුම් වූ ප්‍රාදේශීය සභාව..විපක්ෂය ගුටි බැට දී සභාපතිව එලවා දමයි..රැස්වීම පොලීසියෙන් කෙළවර වෙයි..(VIDEO)
By Sithumi
හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වර කියවීම අතරතුර උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. සමගි ජන බලවේගයේ බලය හිමි සභාවේ සභාපතිවරයා විසින් අයවැය යෝජනාව ඉදිරිපත් කළ අතර ඔවුන්ට බහුතර බලයක් නොමැති බැවින් විපක්ෂය විසින් ඡන්ද විමසීමක් ඉල්ලා තිබෙනවා.
එහිදී සභාපතිවරයා විසින් ඡන්ද විමසීඹක් ලබා නොදුන් බැවින් සභාව තුළ ගුටිබැට හුවමාරුවක් සිදුවූ බවයි වාර්තාකරු සඳහන් කළේ.
අනතුරුව ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් සාධාරණයක් ඉල්ලා පොලිසියේ පැමිණිලි ගොනුකර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |