රාජයෝග සිංහ ලග්න හිමියන්ට පමණයි? - අද කේන්දර -14-12-2021 (Video)

dinapalapala lagna palapala lagnapalapala palapala lagna palapala new ada lagna palapala lagna palapala ada 2021 lagna palapala lagna palapala sinhala lagna palapala 2019
By Aruna Dec 13, 2021 05:31 PM GMT
Aruna

Aruna

Report

2021 දෙසැම්බර් 14 වෙනි අ`ගහරුවාදා අද දෙසැම්බර් මස 14 වෙනි අ`ගහරුවාදා - උදුවප් මස පුර එකොලොස්වක යෙදී ඇත. අද දවසේ ඉර උදාව පෙ.ව 6.13 ඉර බැසීම ප.ව 5.47 ට යෙදේ. දිවා කාලයේ රාහු කාලය යෙදෙන්නේ සවස 3.14 සිට සවස 4.44 දක්වාය. රාත‍්‍රී කාලයේ රාහු කාලය යෙදෙන්නේ පාන්දර 3.14 සිට අ`ඵයම 4.44 දක්වාය. අද යෙදී ඇති නැකත අස්විදයි. අස්විද නැකත අ`ගහරුවාදා දිනට යෙදීමෙන් අමෘත නම් ශුභ යෝගය යෙදී ඇත.


මේෂ ලග්නය

අද දවසේ මේෂ ලග්නයේ ලග්න භවයේම චන්ද්‍රයා ගමන් ගනී. කේතුගේ නැකතක යෙදී කේතු ග‍්‍රහයා අට වැන්නේ තැන්පත්ව ඇත. ගුප්ත කටයුතු ස`දහා සිත යෙදේ. සිතේ ඇති නියම අදහසම එළියට නොදමා සිතේම සිර කර ගෙන සිටීමෙන් මානසික පීඩනයක් ඇති කර ගනී. සිතට අශුභ සිතුවිලි ගලාගෙන එන අතර කේන්තිය පාලනය කර ගත නොහැකිව කටයුතු කරන අවස්ථා, එළඹිය හැකි බැවින් විමසිලිවන්තව කටයුතු කිරීමට වග බලා ගන්න. රැකියා ව්‍යාපාර කටයුතු වලින් ධනය ලැබිය හැකිය.රැකියා ස්ථාන වල තමාගේ ජනප‍්‍රියත්වයට අදාල සිදුවීම් යෙදෙනු ඇත. නිවාස දේපල කටයුතු වලින් වාසි අත්කර ගත හැකිය.


වෘෂභ ලග්නය 

වෘෂභ ලග්නයේ දොලොස්වන්න භවයේ සදු ග‍්‍රහයා ගෝචර වන අතර ලග්නාධිපති 9 වැන්නේ ගමන් ගනී. ඇවිදිලි සංචාර ගමන් බිමන් හා ඒ ආශ‍්‍රිත කටයුතු වලින් ආධායම් ලැබීමේ වැඩි ප‍්‍රවනතාවයක් ඇත. කොටස් වෙළ`දපොල හා තර`ග ආශ‍්‍රිත කටයුතු වලින් ධන වාසනාව ල`ගා කර ගත හැකිය. නිවාස දේපල කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමටත් වාහන කටයුතු වලින් අවාසි අත්කර ගැනීමත් සිදුවිය හැකිය. දරුවන්ගේ කටයුතු වලින් මානසික පීඩා ඇති කරයි. රෝග සුවපත්වීමට ප‍්‍රතිශක්තිය වර්ධනය වීමටත් භාග්‍ය ඇත. විවාහය සම්බන්ධ කටයුතු වලදී තනි මතයට කටයුතු කිරීමෙන් ගැටුම් ඇති විය හැකිය. අඹුසැමි දුරස්වීම් ඇති වේ.


මිථුන ලග්නය

මිථුන ලග්නයේ ලග්නාධිපති බුධ ග‍්‍රහයා 7 වෙනි භවයේ ගමන් ගනිමින් සිටින අතර සදු, ග‍්‍රහයා එකොලොස්වන භාවයේ ගෝචර වේ. ධණ වාසනාව ඉතා ඉහළින්ම යෙදී ඇති දිනයකි. තමාගේ උත්සාහයෙන් ධනය ඉපයීමේ මාර්ග විවර කර ගැනීමට ප‍්‍රබල උත්සාහයක යෙදෙනු ඇත. තමාගේ කටයුතු සාර්ථක කර ගැනීම ස`දහා සෙසු අයගේ සහයෝගය නොමදව ලැබේ. පේ‍්‍රමවන්කයින්ට හා පේ‍්‍රමවන්තියින්ට ගැටලූ පැමිණෙන දිනයකි. රෝගාබාධ වැළ`දීමටත් හදිසි අනතුරු ඇති වීමටත් ඉඩ ඇත. නිවාස දේපල ආශ‍්‍රිත කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල හිමිකර ගත හැකිය . රැකියා ස්ථාන වල තමාගේ සාර්ථකත්වයට හේතු ඇති වේ.


කටක ලග්නය

ලග්නාධිපති ග‍්‍රහයා 10 වැන්නේ ගමන් කරන අද දින ඔබගේ ජනප‍්‍රියත්වය ඉහළට ඔසවා තිබෙන දිනයකි. අන් අය අතර තමා අභිමානය වැඩෙන අයුරින් කටයුතු කිරීමට පෙළඹේ. ප‍්‍රධානීන්ගේ හා අසල්වාසීන්ගේ හොද හිත වර්ධනය කර ගන්නා අතර මිතුරන්නේ ඇගයීමට ලක් වේ.ධනය ලැබුනත් තමාගේ ප‍්‍රතිරූපය වර්ධනය කර ගැනීමට වියදම් වේ. අලූත් ඇදුම් ආභරණ මිලට ගැනීමට සිතේ. නිවාස දේපල සහ වාහන කටයුතු ස`දහා මුල්‍ය ආයතන වලින් පහසුකම් ලබා ගැනීමට අවස්ථාව උදා වේ විවාහ ජීවිතයේ කටයුතු සාර්ථක වන අතර අඹු සැමියන් අතර ලෙන්ගතුකම වර්ධනය වේ. පේ‍්‍රමසම්බන්ධතා නිසා සිතේ විරහ වේදනා ඇති වන සිද්ධීන් ඇති විය හැකිය. විදේෂ ගමන් විදේශ රැකියා සිහින සාර්ථක කර ගැනීමට මාර්ග විවර වේ.


සිංහ ලග්නය 

සිංහ ලග්නහිමියන්ගේ ලග්නාධිපති රවි ග‍්‍රහයා සිව්වැන්නෙන් සදු ග‍්‍රහයා නම වැන්නෙන් ගමන් කරමින් සිටින අද දවස ඔබගේ මානසික තත්වය ඉහළට ඔසවා තබන ආත්මශක්තිය වර්ධනයට හේතු වන කරුණු යෙදේ. අනාගතය පිළිබ`දව සැලසුම් කරමින් ඒවා ඉටුකර ගැනීම ස`දහා පියවර තබයි. ඒ ස`දහා අවශ්‍ය වන මග පෙන්වීම තමන්ගේ කිට්ටුවන්තයින්ගෙන් ඉබේම ලැබේ.උරුම දේපල පිළිබ`ද කටයුතු තමාගේ යහපත ස`දහා කරුණ යෙදේ. රෝග පිළිබ`ද ආරක්ෂා වන අතර ශරීර සෞඛ්‍ය පිළිබ`ද වැඩියෙන් අවධානය යොමු කරයි. දරුවන්ගේ කටයුතු යහපත් ආකාරයෙන් සිදුවන අතර තමාගේ සිතේ පී‍්‍රතියට ඉවහල් වන අයුරින් ඔවුන්ේග් කි‍්‍රයාවන් සිදු වේ. පේ‍්‍රමවන්තයන්ගේ සිහින සැපිරෙන දිනයකි .විදේශ ගමන් ගොස් සිටින්නන් පෙරලා මව්බිමට පැමිණීමේ අවස්ථාව ලැබීම හා ඒ පිළිබ`ද පවුලේ අයට ප‍්‍රීතිමත් ආරංචි සැපයීමේ අවස්ථාව උදා වේ.


කන්‍යා ලග්නය

සදු ග‍්‍රහයා අටවැන්නේත් ලග්නාධිපති බුධ ග‍්‍රහයා සිව්වැන්නේ ගමන් කරමින් සිටින අද දවසේ කන්‍යා ලග්න හිමියන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හැකි යහපත් ග‍්‍රහ පිහිටීමක් යෙදී ඇත. සමහර කරනු ඉටුවීමේදී බාදක අවහිරතා පැන නගිනු ඇත. නමුත් ආත්ම විශ්වාසයෙන් යුතුව අභියෝග වලට මුහුනදීමට හැකි වටපිටාවක් ඉබේටම නිර්මාණය වන බැවින් ජයග‍්‍රහණයට මාවත විවර වේ. ධනය දේපළ රැකියා ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර ඒවායේ දියුණුව වෙනුවෙන් වෙහසෙී කටයුතු කරනු ඇත. විවාහ කටයුතු පවුලේ කටයුතු වලදී ගැටළු ගැටුම් ඇති විය හැකිය. රෝග සුවයටත් ශරීර සෞඛ්‍යයේ යහපතටත් කටයුතු යෙදේ. දරුවන්ගේ කටයුතු වල තමාගේ පී‍්‍රතිියට හේතු වන කරුණු යෙදෙනු ඇත.


තුලා ලග්නය

ලග්නාධිපති සිකුරු ග‍්‍රහයා සිව්වැන්නේත් ස`දු ග‍්‍රහයා 7 වැන්නේ ගමන් කරමින් සිටින අද දවස තුලා ලග්නහිමියන්ගේ ජීවිතය රසබර වන දිනයකි. පේ‍්‍රමවන්තයින්ගේ සිහින සපිරෙන අතර දරුවන්ගේ කටයුතු වල සාර්ථක තත්වයක් පෙන්නුම් කරයි.කථාව තරමක් රළුවන අතර එම`ගින් කාර්යාලයේ හෝ රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාර ස්ථානයේ ගැටලූ ඇති විය හැකිය.නමුත් රැකියා හා ව්‍යාපාර කටයුතු වල තමාගේ උවමනාව හො`දින්ම සපුරා ගැනිමට අන් අය වෙත පීඩනයක් එල්ල කරනු ඇත .රෝගාබාධයන්ගෙන් ආරක්ෂා වන අතර සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වාගෙන යාමට ශක්තිය හිමිය.විදේශ ගමන් ,විදේශ රැකියා හා විදේශ සම්බන්ධතා සාර්ථක වන අතර උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට යහපත් අවස්ථාවක් උදා වේ.


වෘශ්චික ලග්නය

ලග්නාධිපති අ`ගහරු ග‍්‍රහයා ලග්නයේත් ස`දු ග‍්‍රහයා 6 වැන්නේත් ගමන් කරන අද දවස වෘශ්චික ලග්න හිමියන්ගේ වේගවත් හා ඉක්මන්කාරී කි‍්‍රයාවන් නිසා තමාට අවාසි අත්වන බැවින් ඉවසිලි වන්තව හා කල්පනා කාරිව කටයුතු කිරීමට පෙළඹීම වැදගත් වනු ඇත .තරමක් ආඩම්බර කාරීව හා මුරන්ඩු සහගතව කටයුතු කිරීමට පෙළඹෙන අතර අන් අය සම`ග සාමය සමගිය ආඩු කරයි.ගැටුම්කාරී ස්භාවයන් කෙරෙහි සිත යොමුවන අතර එමගින් තමාගේ ප‍්‍රතිරූපයට හානි කර ගනු ඇත .නීතිමය ප‍්‍රශ්න ඇතිවිය හැකිය.අනතුරු අවධානමක් ඇති අතර හිස හා මුහුණ ප‍්‍රදේශය තුවාල ඇති වීමට ඉඩ ඇත .පවුලේ අයගේ සහයෝගය නොවඩුව තමා වෙත ලැබෙන අතර විවාහ සහකරු හෝ සහකාරිය පිළිබදව තමා කටයුතු කරන්නේ තරමක් දැඩිවය.සාමාන්‍යයෙන් අද දවස ඔබගේ ඉවසිලිවන්ත බවත් ,ආගමික කටයුතු කෙරෙහි දක්වන භක්තියත් විසින් තමාගේ ජීවිතයට බලපාන අශූභ තත්වයන් මග හරවා ගැනීමට හැකියාවක් ඇත .


ධනු ලග්නය

අද දවසේ ධනු ලග්නහිමියන්ගේ ලග්නාධිපති බ‍්‍රහස්පති ග‍්‍රහයා 3 වැන්නේත් ස`දු ග‍්‍රහයා 5 ස් වැන්නේත් ගමන් කරමින් සිටියි. පේ‍්‍රමාන්විත සිතුවිලි පහල වන අතර කලාවට කී‍්‍රඩාවට ඇල්මක් උනන්දුවක් ඇති වේ.නවතාවයකින් යුතුව ජීවිතය දෙස බැලීමටත් ,අළුත් අදහස් අනුව කි‍්‍රයාත්මක වීමටත් සිත තුල අධිෂ්ඨානයක් ඇති කර ගනී.ධනය ලැබෙන මාර්ග යහපත්ව පවතින අතර ඉතිරිකිරීමට උත්සහ කරයි.රැකියා ස්ථානවල කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි අතර උසස් අයගේ අවධානය තමා වෙත යොමු වේ.ව්‍යාපාර කටයුතු වලදී නව සේවාදායකයෙකුගේ පැමිණිම අපේක්ෂා කල හැකිය.නිවාස සිහිනය දැඩිව සිතට දැනෙන අතර නව නිවාස මිලට ගැනීමට හෝ ඉදිකිරීමට සැලසුම් සකස් කිරීමට පෙළඹේ.රෝගාබාධ වැලදීමට ඉඩ ඇත .නීතිමය ප‍්‍රශ්න ඇති විය හැකිය.


මකර ලග්නය 

මකර ලග්නහිමියන්ගේ ලග්නාධිපති සෙනසුරු ග‍්‍රහයා ලග්නයේත් ස`දු ග‍්‍රහයා සිව්වැන්නේත් අද ගමන් ගනිමින් සිටියි. අධ්‍යාපන කටයුතු,නිවාස කටයුතු ,යාන වාහන කටයුතු ආදී තමාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හෝ සැප සම්පත් අත්කර ගැනීමට ඉවහල් වන කටයුතු වල වර්ධනීය අවස්ථාවක් පෙන්නුම් කරයි.තම කටයුතු සාර්ථක කර ගැනීමේ අභිලාශයෙන් ක‍්‍රියාත්්මක වීමට උත්සහ කරයි.ධනය ලැබීම යහපත්ය.ධනය ඉතිරි කිරීමට ද උත්සහ ගනී.සහෝදර සම්බන්ධතා ,අසල්වැසි සම්බන්ධතා දුරස් වේ.විදේශගතවීමට ,විදේශ ගත සම්බන්ධතා වලට ,දීර්ඝ ගමන් වලට බාධක අවහිරතා යෙදේ.රෝග වැලදීමට ඉඩකඩ ඇති බැවින් සෞඛ්‍ය පිළිබ`ද සැලකිලිමත් වන්න.


කුම්භ ලග්නය 

ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේ ස`දු ග‍්‍රහයා තුන්වැන්නේ ගමන් කරන අද දවසේ කුම්භ ලග්නහිමියන්ට කාර්්‍ය බහුල අවිවේකී දිනයකි.බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට වෙහෙස වී කටයුතු කිරීමට සිදුවේ.ලිපි ලේඛන ආශිත කටයුතු,ජංගම ව්‍යාපාර ,සංචාර හා ප‍්‍රවාහන කටයුතු ,කොටස් වෙළ`දපොළේ කටයුතු ,විදේශ ගමන් හා විදේශ සම්බන්ධතා තුලින් කරන කටයුතු ආදියෙන් උසස් ඉහළ සාර්තකත්වයක් ඇති කරගත හැකිය.නිවාස දේපළ යාන වාහන ආශී‍්‍රත කටයුතු වල පසුබෑමක් ඇති වේ.පේ‍්‍රම සම්බන්ධතා පවත්වා ගෙන යන අයට ශුභ දවසකි. දරුවන්ගේ කටයුතු සාර්ථක වන අතර දෙමාපියන්ගේ අරමුණු ඉටුකර ගැනීමට දරුවන් හො`දින් කටයුතු කරනු ඇත ස්නායු සම්බන්ධ රෝග අවධානමක් ඇතත් සාමාන්‍යයෙන් නිරෝගී බව වර්ධනය වන දිනයකි.විවාහ ජීවිතයේ සාර්ථක ලෙස ගත කරන අතර අඹු සැමියන් අතර සෙනෙහස වර්ධනය වේ.


මීන ලග්නය 

මීන ලග්නයේ ලග්නාධිපති අ`ගහරු ග‍්‍රහයා 9 වැනි භාවයේ ගමන් කරමින් සිටින අතර ස`දු ග‍්‍රහයා දෙවැන්නේ ගමන් කරයි. පූර්ව කුසලකර්මයන්ගේ බලයෙන් සිය අරමුණු සපුරා ගැුනීමට වාසනාව හා භාග්‍ය හිමිවන අතර ස්වකීය ජවය ශක්තිය අරමුණක් කරා යොමු කරගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය .ධන වාසනාව ඉහලින් යෙදී ඇති අද දවසේ ධනය උපයන මාර්ග කෙරෙහි සිත හොදින්ම යොදවනු ඇත .ධනය ඉපයිම ස`දහා වෙහෙස මහන්සි වී කටයුතු කරනු ඇත .නිවාස දේපළ කටයුතු කෙරෙහි ඇල්ම උනන්දුව අඩුවන අතර එම කටයුතු වල සාර්ථකත්වය අඩු කරයි.පේ‍්‍රම සම්බන්ධතා සාර්ථක වන අතර තමන් අතර ඇති ආදර බැදීම තව දුරටත් වර්ධනය වේ.විදේශගතවීම් විදේශ සම්බන්ධතා ආශි‍්‍රතව කරන කටයුතු වලට එතරම් ශුභදායක නැත .  





ReeCha