ඩුබායි රාජ්‍යයෙන් මෙරටට හොර රහසේ ආ හූකා..

Sri Lanka Dubai Sri Lanka Navy Sri Lanka Customs Drugs
By krishani May 19, 2023 01:35 AM GMT
krishani

krishani

Report

ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සැක කටයුතු බහාලුමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම බහාලුම ව්‍යාජ සමාගමක නමට ශ්‍රී ලංකාවට එවා ඇති අතර එම බහාලුම තුළ තිබී ශීෂා නමැති උපකරණය භාවිතා කර වාෂ්ප දුම් පානය සඳහා අවශ්‍ය වන හූකා තරලය (Hookah Tobacco) අඩංගු පැකට්ටු තොගයක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වරාය පාලන අංශය විසින් සොයාගෙන ඇත.

එහි මුළු ශුද්ධ බර කිලෝ ග්‍රෑම් 8010ක් වන ග්‍රෑම් 50 බැගින් අඩංගු කුඩා පැකට්ටු 160,200ක් අඩංගු බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පැඛට් තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් 164,000,000ක් පමණ වන බව තක්සේරු කර ඇත.

මේ අතර, දකුණු මුහුදේ යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් රුපියල් කෝටි 240කට ආසන්න වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 120කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනිණ.

ඒ රාජ්‍ය බුද්ධි සේවාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුවයි.

එහිදී ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 120කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් 6 දෙනෙකු සමඟ නාවික හමුදාව අත්අඩංගුවට ගැණින.

මෙම මෙහෙයුම, නාවික හමුදාවේ විජයබාහු නෞකාව මගින් සිදු කර ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි කටයුතු සඳහා කොළඹ වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

කෙසේවෙතත්, මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මෙතෙක් ගණනය කර නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join