මේ වගේ තිරිසන්නු - මැරිච්ච මනුස්සයගේ අළු ටිකත් හොරකම් කරලා
ලෝ ප්‍රකට කුංෆු ආත්මාරක්ෂක සටන් කලා ශිල්පියෙකු වූ ලාඕ කාර්-ලියුන්ග්ගේ දේහයේ අළු තැන්පත් කර තිබූ බඳුන් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොංකොං පොලිසිය විසින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ෂා ටින් හි පිහිටි පෝ-ෆුක්-හිල් සුසාන භූමියේ අළු බඳුන් තබා තිබූ ස්ථානයෙන් මෙම අළු බඳුන් තැම්පත් කර තිබූ අතර ප්‍රථමයෙන්ම සුසාන භූමි බලධාරීන් විසින් මෙම සැකකටයුතු සොරකම පිළිබඳව දිවංගත වූ ලාඕ කාර්-ලියුන්ග්ගේ බිරිඳ වන, නිළියකගෙන් නීතිඥවරියක බවට පත් වූ මේරි ජීන් රයිමර්ට දැනුම් දී ඇත.
ඇය විසින් කරන ලද හෙළිදරව්වකින් පසුව, හොංකොං පොලිස් බලකායේ සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්ත කල්ලි කාර්යාංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එමෙන්ම මෙම සිද්ධියට අදාළ නීතිමය කටයුතු දැනටමත් ආරම්භ වී ඇති අතර අදාළ විමර්ශනය සඳහා හොංකොං පොලිස් බලකායේ ත්‍රස්ත විරෝධී විමර්ශන නිලධාරීන් ද යොදවා ඇත.