උඩු ගුවනෙදි කාන්තාවකගේ රහස් ප්‍රදේශවල ෆොටෝ ගැහුවා මදිවට සැකකරු සිරදඬුවම් නියම කරද්දි කියපු කතාව
කැතේ පැසිෆික් ගුවන් යානයක් තුළදී කාන්තාවකට හොරෙන් ඇයගේ රහස් ප්‍රදේශ ඡායාරූප ලබාගත් පුද්ගලයෙකුට හොංකොං අධිකරණයක් මඟින් සති හතරක සිරදඬුවමක් නියම කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළ ආකාරයට ඉකුත් නොවැම්බර් 24 වන දා ඔසාකා සිට පැමිණි අඳාළ ගුවන් යානය තුළදී මෙසේ නීති විරෝධී ආකාරයට මෙම පටිගත කිරීම කර තිබෙනවා.
කෙසේ වෙතත් සැකකරු විසින් ඉකුත් බදාදා අධිකරණය හමුවේ එම වරද පිළිගත් බවට විදෙස් මාධ්‍ය දක්වයි.
ඔහු වයස අවුරුදු 46 ක ජපන් ජාතික තොරතුරු තාක්ෂණ කළමනාකරුවෙකු වන ඔනිෂි රියු නමැත්තෙක් බව සඳහන්. එසේම ඔහු ඉන්දියාව බලා යන ව්‍යාපාරික සංචාරයක් අතරතුර හොංකොං නගරයේ මඳ වේලාවකට නතර වීමට පැමිණෙමින් සිටියදී අඳාළ වරද සිදු කර ඇත.
කෙසේ වෙතත් බටහිර කොව්ලූන් අධිකරණය හමුවේ දඬුවම් ලිහිල් කර ගැනීමට කරුණු දක්වමින් විත්තිකරු සඳහන් කර ඇත්තේ තමන් ගුවන් යානා කවුළුවෙන් හොංකොංහි සුන්දර දර්ශන ඡායාරූප ගත කරමින් සිටියදී අහම්බෙන් මෙම ඡායාරූප පටිගත වූ බවත්, තමන් හුදෙක් අවස්ථාවාදීව එසේ කළ බවයි.