බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම

By Sewvandhi Aug 17, 2021 01:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම | Home Remedies For Colds

මේ දවස් වල රටේ හැම පලාතකටම වගේ වැස්ස. වැස්සත් එක්ක පොඩ්ඩෝ ලෙඩ වෙන්නේ හිතා ගන්නවත් බැරි වෙලාවට. ඒ වගේම පොඩි හෙම්බිරිස්සාවකටත් වෛද්‍ය ප්රතිකාර හොයාගෙන ගිහින් බබාට නොයෙකුත් සිරප් වර්ග පොවන්න දැන් ගොඩක් දෙමාපියන් අකමැතියි.

ඇත්තටම ප්රතිජීවක ඖෂධ නිතරම ලබා ගැනීම එතරම් සුදුසු දෙයකුත් නෙවේ. එයින් දරුවන්ගේ ස්වභාවික ප්‍රතිශක්තිය හීන වීමත් සිද්ධ වෙනවා. වර්තමානයේ බොහෝ දියුණු රටවල් වල විශේෂයෙන් දරුවන්ට ප්‍රතිජීවක හා අනෙකුත් ඖෂධ වර්ග ලබාදීම බොහෝ පාලනයක් ඇතිවයි සිදු කරන්නේ.

ඒ වගේම ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමියට අනුව අපි ෆාමසියෙන් වේදනා නාශක ලෙස ලබා ගන්නා ඖෂධ දරුවන්ට නිතර ලබා දීම සුදුසු නොවේ. ඒ වගේම බොහෝ බටහිර රටවල් වර්තමානයේ මෙවැනි සුලු රෝග සමනය සඳහා අපි ඈත අතීතයේ සිටම භාවිතා කරන ලද බොහොමයක් ක්‍රම යොදාගන්නා බව දක්නට ලැබේ.

වෛද්‍ය වරුන්ද එම ප්‍රතිකර්ම අනුමත කිරීම විශේෂයි. එසේ නම් අද ලිපිය බබාලාට හදිසියේ වගේම, නිතර වැලඳෙන සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම යොදාගත හැකි ප්‍රතිකර්ම ගැනයි…. ~

මේ කිසිවක් ඖෂධීය ප්‍රතිකර්ම නොවන බවත්, මෙයින් රෝගය සුව වීම ඉක්මන් කිරීමක් සිදු නොවන බවත්, දරුවාට යම් සහනයක් ලබා දීමට පමණක් උපකාර වන බවත් සලකන්න.~

මෙම ලිපියෙන්……

ලබා දිය හැකි ප්‍රතිකර්ම-:

විවේකය වැඩිපුර (සියලුම වයස්වල දරුවන්ට)

හුමාලය (සියලුම වයස්වල දරුවන්ට)

සේලයින් බිංදු සහ බල්බ සිරින්ජ ප්‍රතිකර්මය (සියලුම වයස්වල දරුවන්ට)

දියර ආහාර වැඩිපුර (සියලුම වයස්වල දරුවන්ට)

චිකන් සුප් හා වෙනත් උණුසුම් පාන (මාස 6 සිට)

හිස ඔසවා තැබීම (මාස 12 සහ ඊට වැඩි)

මී පැණි (මාස 12 සහ ඊට වැඩි)

නාසය සූරා හැරීම (වයස අවුරුදු 2 සහ ඊට වැඩි)

ලුණු වතුරෙන් උගුර සේදීම (අවුරුදු 4 සහ ඊට වැඩි)

ආලේපන

කළ සහ නොකළ යුතු දේ

ලෙඩ රෝග වලින් ආරක්ෂාවීමට කලහැකි දේ

ලබා දිය හැකි ප්‍රතිකර්ම

01.විවේකය වැඩිපුර (සියලුම වයස්වල දරුවන්) 

උපකාරී වන ආකාරය:

රෝගයක් වැළඳුණු විට එහෙමත් නැත්නම් ආසාදනයක් වූ විට, ඊට එරෙහිව සටන් කිරීමට විශාල ශක්තිය අවශ්‍ය වන අතර, එමඟින් දරුවන් පමණක් නොව අප කවුරුත් වෙහෙසට පත් වීම සිදුවේ. එබැවින් විවේකය යනු රෝගී වූ විට අතයාවශ්‍යම ප්‍රතිකර්මයකි. බොහෝ අධ්‍යයනයන්ට අනුව, රෝගාබාධ රැසකට මානසික ආතතියද ඍජුවම බලපායි.

දරුවන්ද යම් පීඩනයට ලක්ව සිටී නම් (පාසලේ, මිතුරන් අතර හෝ නිවසේ යම් සිදුවීමක් නිසා) ඔවුන්ට විවේකය යනු අතයාවශ්‍යම දේ විය හැකිය. එබැවින් දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ නිතර සැලකිලිමත් වීම වැදගත්. අවශ්‍ය දේ.

• විවේකීව සිටිය හැකි, පහසු ස්ථානයක් – ඇඳ, සෝපාව, සෙල්ලම් පැඳුර

• පහසුවෙන් කල හැකි ක්‍රියාකාරකම් – බෝඩ් සෙල්ලම්, කතන්දර පොත්, චිත්‍ර ඇඳීමට ද්‍රව්‍ය, ප්‍රහේලිකා කල හැකි දේ.

• දරුවා විවේක ගැන්වීමට ඔහු ඇඳේම රැඳී සිටීම අවශ්‍ය නොවන අතර නිතර නෙත ගැටෙන දර්ශනයන් වෙනස් කිරීමෙන්ද දරුවාගේ වෙහෙසකාරී ස්වභාවය මඟහැරවිය හැක.

එබැවින් කාලගුණය යහපත් නම්, මිදුලේ හෝ ආලින්දයේ සුව පහසු ස්ථානයක් සකසන්න. ගෘහස්ථව, ඔහුගේ ඇඳට වඩා සුවපහසු ස්ථානයක් සාදන්න – විසිත්ත කාමරයේ කූඩාරමක් හෝ කොට්ට ප්‍රාසාදයක් සාදන්න

• දරුවාට ප්‍රියතම වීඩියෝවක් ළමා චිත්‍රපටයක් නැරඹීමට හෝ විනෝදාත්මක ක්‍රීඩාවක් කිරීමට අවස්ථාව ලබා දිය හැකියි.

නැතහොත් නව පාට පෙට්ටියක්, වර්ණ ගැන්වීමේ පොතක් ගෙනදීමටද හැක. ප්‍රහේලිකාවක්, බෝඩ් ක්‍රීඩාවක් වුවද ඇඳේම සිට හෝ කිරීමට ලබා දිය හැක.

• කියවීමට අලුත් පොතක් ලබා දීමද දරුවාගේ මානසික වෙහෙස නැති කරන වඩාත් අගනා ක්‍රියාකාරකමකි. කුඩා දරුවන් සමඟ එක්ව කියවන්න

බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම | Home Remedies For Colds

• කුඩාම දරුවන්ට ඇඟිලි සෙල්ලම් කිහිපයක් ඉගැන්විය හැක.– Itsy bitsy spider… වැනි

• සමීපතමයකු සමඟ දුරකථන සංවාදයකට ඉඩ සැලසීමද දරුවාගේ වෙහෙස නැතිකිරීමට හේතු වෙනවා නිසැකයි. – අත්තම්මා සමඟ කථා බහක් ඔහුගේ සියලු රෝග නිවාරණයට හේතු වේවි.

02.හුමාල ප්‍රතිකර්මය (සියලුම වයස් කාණ්ඩ) 

මෙය උපකාරී වන ආකාරය:

තෙතමනය සහිත වාතය ආශ්වාස කිරීම නාසය තුල ඇති ශ්ලේෂ්මල(සෙම) ලිහිල් කිරීමට උපකාරී වේ. හුමාලය ආශ්වාස කිරීමට සැලැස්වීම මෙන්ම උණුසුම් ස්නානයක් ලබා දීමද මේ සඳහා සිදුකල හැකි තවත් ප්‍රතිකර්මයකි.

අවශ්‍ය දේ.

• ආර්ද්‍රතාකාරකයක් හෝ වාෂ්පකාරකයක් humidifier/ nebulizer

• උණු ජලය යෙදූ බේසමක්

බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම | Home Remedies For Colds

කල යුතු දේ.

• දරුවා ට විනාඩි 15ක් හුමාලය ආශ්වාස කිරීමට ඉඩ හරින්න.

• දරුවා නිදා සිටින විට, විවේක ගන්නා විට හෝ කාමරයේ සෙල්ලම් කරන විට ආර්ද්‍රතාකාරකයක් හෝ සිසිල් මීදුම් වාෂ්පකාරකයක් සක්‍රීය කර තබන්න.

• දරුවාට වාෂ්ප නාන කාමරයක (සංවෘත ස්ථානයක) උණුසුම් ස්නානයක් ලබා දෙන්න. මිනිත්තු කිහිපයක් උණුසුම්ව ස්නානය කිරීමට ඉඩ දෙන්න. දරුවාට අවශ්‍ය තරම් ස්නානය කිරීමට ඉඩ හරින්න.  

03.සේලයින් බිංදු සහ බල්බ සිරින්ජ (සියලුම වයස් කාණ්ඩ)

මෙය උපකාරී වන ආකාරය:

කුඩා දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු විට නාසය සිරවීම සාමාන්‍යයි. නමුත් ඉන් මිදීමට නාසය සූරා හැරීම ඔවුන්ට කල නොහැක්කක්. මේ නිසා දරුවන්ගේ නාසය සිර වූ විට එම අවහිරතා ඉවත් කිරීමට යොදාගත හැකි පහසුම ප්‍රතිකර්මය ලෙස සේලයින් බිංදු යෙදීමත්, පසුව බල්බ සිරින්ජයක් හෝ වෙනත් නාසය පිරිසිදු කරන උපකරණයක් යොදාගෙන බබාගේ නාසය ඉරීමත් සිදු කල හැකියි.

අවශ්‍ය දේ.

• රබර් බල්බ සිරින්ජයක් හෝ වෙනත් නාසය පිරිසිදු කරන උපකරණයක්

• සේලයින් ද්‍රාවණය

බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම | Home Remedies For Colds

ඇමරිකානු අසාත්මිකතා, ඇදුම සහ ප්‍රතිශක්තිකරණ ඇකඩමිය (AAAAI) මඟින් නිර්දේශ කරන ලද, නිවසේදී සේලයින් ද්‍රාවණය පිළියෙල කර ගන්නා වට්ටෝරුව පහත දැක්වේ.

අවශ්‍ය ද්‍රව්‍ය.

॰ අයඩින් රහිත ලුණු තේ හැඳි 3

॰ බේකින් සෝඩා තේ හැඳි 1

॰ විනාඩි 3-5 පමණ නටන තෙක් උණු කර ගත් උණුසුම් ජලය අවුන්ස 4 (120ml)

පිරිසිදු භාජනයක් ගෙන ලුණු තේ හැඳි 3 හා බේකින් සෝඩා මිශ්‍ර කරන්න. එම මිශ්‍රණයෙන් තේ හැන්දක 1/2 ක් උණුසුම් ජලය අවුන්ස 4 ක පමණ හොඳින් දියකරන්න.

කල යුතු දේ.

බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම | Home Remedies For Colds

• දරුවාගේ හිස පිටුපසට නවා තබන්න නැතහොත් ආධාරකයක් මත හාන්සි කරවන්න. එක් එක් නාස්පුඩුව තුළට සේලයින් ද්‍රාවණ බින්දු දෙකක් හෝ තුනක් යොදන්න. තත්පර 30 ක් පමණ හිස එලෙසම තබා ගැනීමට ඉඩ හරින්න. (ළදරුවන්ට අවශ්‍ය නොවේ)

• සිරින්ජයේ බල්බය මිරිකා, පසුව ඔහුගේ නාස්පුඩුව තුළට විවරය සහිත රබර් තුඩ මෘදු ලෙස ඇතුල් කරන්න. බල්බ සිරින්ජයෙන් වඩා හොඳ චූෂණයක් ලබා ගැනීම සඳහා ඇඟිල්ලෙන් අනෙක් නාස්පුඩුව මෘදු ලෙස වසා ගැනීම කල හැකියි.

• බල්බය සෙමින් මුදා හරින්න. සේලයින් ද්‍රාවණය සමඟ ශ්ලේෂ්මල(සෙම) ඉවතට පැමිණෙනු ඇත.

• සිරින්ජය පිරිසිදු කර අනෙක් නාස්පුඩුව සඳහා නැවත කරන්න. මෙසේ නාසය දිනකට කිහිප වතාවකට වඩා පිරිසිදු කිරීම හා සේලයින් ද්‍රාවණය දින 4කට වඩා එක දිගට භාවිතා කිරීම සුදුසු නොවේ.

එලෙසම ශ්ලේෂ්මල ඉවත් කිරීම සඳහා සේලයින් නොමැතිව බල්බ සිරින්ජය පමණක් වුවද ඉහත පරිදිම භාවිතා කළ හැකිය. සිරින්ජය භාවිතා කරන විට දරුවා අකමැති විට, ඒ වෙනුවට සේලයින් බින්දු පමණක් යෙදීමෙන් පසු පහළ නාස්පුඩු පුළුන් කැබැල්ලකින් මෘදු ලෙස පිසදමීමෙන්ද දරුවාට යම් සහනයක් ලබා දිය හැකියි.

04.දියර පාන වර්ග වැඩිපුර (සියලුම වයස් කාණ්ඩ)

මෙය උපකාරී වන ආකාරය:

වැඩිපුර දියර වර්ග පානය කිරීමෙන් විජලනය වීම වළක්වන අතර දරුවාගේ නාසික ස්‍රාවයන් මෘදු කර ඉවතට ගලා ඒම පහසු කරයි.

ලබා දිය හැකි දේ

මව්කිරි/ළදරු කිරි /පිටි ජලය /දෙහි, දොඩම්, ලෙමන් වැනි පාන /වෙනත් දරුවා පානය කිරීමට ප්‍රිය කරන සෞඛ්‍යාරක්ෂිත දියර වර්ග

මව්කිරි -:

බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම | Home Remedies For Colds

රෝගී වූ විට මාස 12 ට අඩු ළදරුවන් සඳහා, වඩාත්ම හිතකර හා සුදුසුම ප්‍රතිකර්මයයි මව්කිරි. ළදරුවන් රෝගී වූ විට ඔවුන් වෙනුවෙන් මවගේ දේහය තුල ප්‍රතිදේහ නිපදවෙන අතර මව්කිරි මඟින් එය දරුවාට ලැබීමෙන් ප්‍රතිශක්තිය ඇති කරයි. එලෙසම, මව්කිරි වැඩිපුර ලබා දීමෙන් දරුවා විජලනය වීම වළක්වන අතරම දරුවා සන්සුන් වී විවේක ගැන්වීමෙන් ඉක්මන් සුවයට මඟ පෑදේ.

ජලය-:

වැඩිහිටි දරුවන් සඳහා නම් ජලය තරම් සුදුසු වෙනත් පානයක් නොමැති තරම් වේ. නමුත් දරුවාට එය ප්‍රියජනක වීම සඳහා පළතුරු යුෂ එක් කල හැකියි.

දෙහි, දොඩම්, ලෙමන්, නෙල්ලි වැනි පාන-:

බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම | Home Remedies For Colds

ශරීරයට සෙම්ප්‍රතිශ්‍යා වෛරස් සමඟ සටන් කිරීමට විටමින් C උපකාරී වන නිසා, දෙහි, දොඩම්, ලෙමන්, නෙල්ලි ආදි විටමින් C බහුල යුෂ ලබා දීමෙන් දරුවාගේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරීත්වය මනාව සිදු වේ.

 සැලකියයුතුයි : මාස 6 ට අඩු ළදරුවන් සඳහා මව්කිරි පමණක් ලබා දීමයි සුදුසු.  

05.උණුසුම් දියර සහ චිකන් සුප් (මාස 6 සහ ඊට වැඩි)

මෙය උපකාරී වන ආකාරය:

සෙම්ප්‍රතිශ්‍යාවෙන් ඇති වන අපහසුතා සමනය කිරීම සඳහා උණුසුම් දියර වඩාත් උපකාරී වේ.

ලබා දිය හැකි දේ.

උණුසුම් ජලය /Chicken සුප් /කොත්තමල්ලි තම්බූ ජලය /පස්පංගුව /කැමමායිල් (Chamomile) තේ

චිකන් සුප්-:

බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම | Home Remedies For Colds

අධ්‍යයන වලට අනුව සෙම්ප්‍රතිශ්‍යාව, උණ ආදි රෝග වලින් ඇති වන තෙහෙට්ටුව හා වෙනත් අපහසුතා සමනයට උපකාරී වේ. මේ නිසා ඝන ආහාර ආරම්භ කර ඇති ළදරුවන් රෝගී වූ විට ලබා දිය හැකි ඉතා හොඳ ආහාරයක් ලෙස chicken සුප් දැක්විය හැක.  

කොත්තමල්ලි හා පස්පංගුව-:

බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම | Home Remedies For Colds

එදාමෙදා තුර ලාංකීය ජන සමාජයේ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා භාවිතා කල වටිනා ඖෂධීය පානයක් ලෙස කොත්තමල්ලි දැක්විය හැක. ළදරුවන් ට කබලේ බැද කුඩුකර ගත් කොත්තමල්ලි උණු ජලය ට එක් කර සාදා ගන්නා පානයත්,වැඩුණු දරුවන්ට කොත්තමල්ලි තම්බා ගත් ජලය මෙන්ම කොත්තමල්ලි අඩංගු පස්පංගුව තම්බා හිඳ ගත් කසායද ලබා දෙයි.

කැමමායිල්(Chamomile) තේ-:

කැමමායිල්(Chamomile) තේ යනු ලොව පුරා සෙම්ප්‍රතිශ්‍යාව සමනය සඳහා යොදාගන්නා උණුසුම් පානයකි. කැමමායිල් නම් මලේ පෙති වියලා සාදා ගන්නා තේ වර්ගයක් මෙයද ඖෂධීය ගුණයෙන් යුක්තය. කුඩා දරුවන්ට වුවත් ලබා දියහැකි සෞඛ්‍යාරක්ෂිත ශාකසාර පානයක් ලෙසයි කැමමායිල් (Chamomile) තේ හැඳින්වෙන්නේ. 

බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම | Home Remedies For Colds

06.හිස ඔසවා තැබීම (මාස 12 සහ ඊට වැඩි)

උපකාරී වන ආකාරය:

දරුවා හාන්සි වී හෝ නිදා සිටියදී හිස මදක් ඔසවා තැබීමෙන්, වඩාත් සුවපහසු ලෙස ආශ්වාස කිරීමට හැකි වේ.

අවශ්‍ය දේ.

හිස එසවෙන පරිදි මෙට්ටය යටින් තැබිය හැකි තුවායක් හෝ කොට්ටයක් කල හැකි දේ. දරුවා තොටිල්ලක නිදා ගන්නේ නම්, තුවා කිහිපයක් හෝ සිහින් කොට්ටයක් මෙට්ටය යටින් හිස ප්‍රදේශයෙන් තබන්න.

වැඩිහිටි දරුවන්ට නම් හිස යටින් අමතර කොට්ටයක් තැබිය හැකියි. නමුත් දරුවා නිදා සිටියදී නොසන්සුන් නම්, මෙට්ටයට යටින් තුවා හෝ කොට්ටයක් තබා හිස ඔසවා තැබීම ආරක්ෂිත වේ.

මෙය අතිරේක කොට්ට වලට වඩා සුව පහසු බෑවුමක්ද නිර්මාණය කරයි.

සැලකියයුතුයි: කෙසේ වුවත් දරුවා නිදන තොටිල්ල හෝ ඇඳ හි යොදන මෙම එසවීම් ප්‍රමාණය ඉක්මවා නොයන්න. ඔබේ දරුවා නොසන්සුන් ලෙස නිදන්නේ නම් දෙපා හිසට වඩා උස් වන පරිදි පෙරළීම සිදු වුවහොත් ආශ්වාසය වඩාත් අපහසු වනු ඇත.

07.මී පැණි (මාස 12 සහ ඊට වැඩි)

බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම | Home Remedies For Colds

උපකාරී වන ආකාරය: මී පැණි උගුරේ ගැල්වීමෙන් කැස්ස සමනය කරන අතර අධ්‍යයනයන්ට අනුව රෝගී වූ විට දරුවන්ට හොඳ නින්දක් ලැබීමටද හේතු වේ.

අවශ්‍ය දේ.

මී පැණි උණුසුම් ජලය ලෙමන් හෝ ඉඟුරු හෝ ගම්මිරිස් මී පැණි බොහෝ විට කාමර උෂ්ණත්වයේ දී දැඩි වේ. එය මෘදු කිරීම සඳහා, උණු ජලය සහිත බඳුනක් තුල බහා තබා හෝ මයික්‍රෝවේව් උඳුනක් ආධාරයෙන් උණුසුම් කර ගත හැක.

කල හැකි දේ.

• මෘදු කරන ලද මී පැණි තේ හැන්දි 1/2 – 1, උණු වතුර ස්වල්පයක් හා ලෙමන් යුෂ සමඟ මිශ්‍ර කර දරුවාට බීමට ලබා දෙන්න.

• මී පැණි වලට ගම්මිරිස් ඉතා ස්වල්පයක් මිශ්‍ර කර දරුවාගේ උගුර ආශ්‍රිතව ගන්වන්න. නැතහොත් දරුවාට එම මිශ්‍රණය කෑමට දෙන්න.

• මී පැණි සමඟ ඉඟුරු ඉස්ම හෝ ඉඟුරු කුඩු මිශ්‍ර කර දරුවාට කෑමට දෙන්න

සැලකියයුතුයි : වයස අවුරුදු 1 ට අඩු ළදරුවෙකුට මී පැණි ලබා දීමෙන් වලකින්න.

ළදරු බොටුලිසම් යන භයානක හා සමහර විට මාරාන්තික රෝගය සෑදීමට මී පැණි හේතු විය හැකියි.

08.නාසය සූරා ඉවත් කිරීම (වයස අවුරුදු 2 සහ ඊට වැඩි)

උපකාරී වන ආකාරය:

දරුවාගේ නාසයෙන් ශ්ලේෂ්මල(සොටු) ඉවත් කිරීම හුස්ම ගැනීමට පහසු කරන අතර පහසුවෙන් නිදා ගැනීමට උපකාරී වේ.

අවශ්‍ය දේ.

මෘදු රෙදි කඩක් හෝ ටිෂූ පිස්නයක්

කල යුතු දේ.

බොහෝ දරුවන් අවම වශයෙන් අවුරුදු 4 ක් වන තුරු මෙම හැකියාව ප්‍රගුණ නොකරයි, නමුත් වයස අවුරුදු 2 දී පමණ එය ඉගැන්වීම කලහැකියි. දරුවාට නාසය පිඹීම ඉගැන්වීමට.

බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම | Home Remedies For Colds

ඔබ නාසය සූරා පෙන්වා දෙන්න. අනුකරණය කිරීමට උපදෙස් දෙන්න. (ඇතැම් දරුවන්ට එම නිරූපණය පමණක් සෑහේ.) නාසය සීරිම යනු සුවඳ බැලීම විරුද්ධ පසට කිරීම බව පැහැදිලි කරන්න. උත්සාහ කරවන්න එක් නාස්පුඩුවක් වසාගෙන අනෙක් පසින් ප්‍රාශ්වාස කිරීමට උපදෙස් දෙන්න.

පුහුණු කරවන්න. වර්ණවත් ටිෂූ පිස්නා ලබා දී නාසය සීරීම පුහුණු වීමට උනන්දු කරවන්න. භාවිතා කළ ටිෂූ, ලේන්සු නිසි පරිදි බැහැර කිරීමට හා නාසය සීරීමෙන් පසු අත් සේදීමට උගන්වන්න. විෂ බීජ පැතිරීම වැලැක්වීමට සබන් හෝ විෂ බීජ නාශක යොදා දෑත් සේදීමේ පුරුද්ද ඇති කරන්න.

සැලකියයුතුයි : දරුවාට මෘදු ලෙස නාසය සීරීමට උගන්වන්න. අධික ලෙස සිරීම කන් වලට හානිකරවේ.

09.ලුණු වතුරෙන් උගුර සේදීම (අවුරුදු 4 සහ ඊට වැඩි)

බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම | Home Remedies For Colds

උපකාරී වන ආකාරය:

උගුරේ අපහසුතා සුව කිරීම සඳහා අප කවුරුත් යොදාගන්නා ක්‍රමයක් වන්නේ ලුණු වතුරෙන් උගුර සේදීමයි. එය උගුරෙහි රැදුණු ශ්ලේෂ්මල ඉවත් කිරීමට ද උපකාරී වේ.

අවශ්‍ය දේ.

• උණුසුම් ලුණු වතුර

• ලෙමන් (අත්‍යවශ්‍ය නොවේ)

කල යුතු දේ.

උණුසුම් ජලය වීදුරුවක ලුණු තේ හැන්දක 1/2 ක් දියකර කලවම් කරන්න. අවශ්‍ය නම් නැවුම් ලෙමන් යුෂ ස්වල්පයක් හෝ දෙකක් එක් කරන්න.

සාදා ගත් ලුණු ද්‍රාවණය උගුරක් කටට ගෙන උගුර තුල එහා මෙහා හසුරුවමින් උගුර සෝදා හරින්න දරුවාට කියා දෙන්න. දරුවන්ට විනෝදය ගෙන දෙන්නක් වීම නිසැකය.

දිනකට 3-4 වාරයක් මෙසේ කිරීමෙන් නඩා සුවයක් ගෙන දේ.

දරුවාට මෙය ඉගැන්වීමට.

• සාමාන්‍ය ජලය සමඟ ප්‍රථමයෙන් පුහුණු කරවන්න.

• දරුවාට කටට වතුර ලබා දී, හිස පිටුපසට නවා, උගුර තුලට ජලය ගෙන උගුරෙන් ජලය සෙලවීමට කියාදෙන්න.

• දරුවාට ඔබද කරමින් පෙන්වා දෙන්න.

• පසුව ලුණු ජලය යොදා ගනිමින් කල හැක.

• එම ජලය ගිලීම නොකර විසි කිරීමට උපදෙස් දෙන්න. ආලේපන සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු විට පපුව, උගුර, හිස(නළල), නාසය, කන් හා ඇස් යන ශරීරාංග වල විවිධ අපහසුතා ඇති වන බව අප අත්දැකීමෙන් දන්නවා.කුඩා දරුවන්ටත් එසේමයි.

10.ආලේපන

වැඩිහිටි අපි නම් බොහෝ විට කරන්නේ කුමන හෝ බාම් වර්ගයක් ආලේප කිරීමයි. බොහෝවිට මෙන්තෝල් ආශ්‍රිත ආලේපන වන මෙම ආලේපන, සැර සුවඳක් මෙන්ම දැවිල්ලක් ගෙන දෙන, දරුවන්ට භාවිතයට නුසුදුසු තත්වයේ ඒවා. එසේ නම් එවැනි අපහසුතාවන් මඟහැරවීමට දරුවන්ට භාවිතා කල හැකි සෞඛ්‍යාක්ෂිත ආලේපන මොනවාද?

උපකාරී වන ආකාරය:

පපුව, උගුර, හිස(නළල), නාසය, කන් හා ඇස් යන ස්ථාන වල ඇති වන සිරවීම්, රිදුම්, ආදි අපහසුතා සමනය කරයි.

යොදා ගත හැකි දේ.

අබ තෙල්/ කපුරු තෙල් /ළදරු බාම් වර්ග /කහ /අබ තෙල්

අවශ්‍ය දේ –

අබ තෙල් – කලු දුරු – සුදු ලූණු

॰ අබ තෙල්, සුදු ලූණු හා කලු දුරු එකට භාජනයක දමා මදක් රත් කරන්න.

॰ සාදා ගත් තෙල දරුවාගේ පපුව, නළල යටි පතුල් ආදි ස්ථාන වල ආලේප කර මෘදු ලෙස සම්බාහනය කරන්න.

॰ අවසානයේ, වැඩිපුර තෙල් පිසදා ඉවත්කරන්න කපුරු තෙල් කපුරු තෙල් ස්වල්පයක් අත්ලට ගෙන, දෙඅත් එකට පිරිමැදීමෙන් රත් කිරීමකට ලක් කරන්න. පසුව දරුවාගේ අපහසුතා සහිත ස්ථාන වල ආලේප කරන්න.

ළදරු බාම්-:

ළදරුවන් සඳහාම නිපදවූ මෙන්තෝල් මය බාම් වර්ගයක් මද වශයෙන් ආලේප කරන්න.

Not as a commercial කහ අපේ අසල්වැසි ඉන්දියාවේ ප්‍රසිද්ධ ප්‍රතිකර්ම ආකාරයක් ලෙස කහ හඳුන්වන්න පුළුවන්. සුව කිරීමේ ගුණාංග වලින් අනූන කහ දශක ගණනාවක් තිස්සේ ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදාගනී.

උපකාරී වන ආකාරය.

කහ

ජලය සමඟ මිශ්‍ර වී ක්‍රියාකාරී වීමෙන්, ආලේප කල ස්ථානය රත් වීමකට ලක් කරයි. එමනිසා ආලේප කල ස්ථාන වල ශ්ලේෂ්මල බුරුල් කර, ඉවත් වීමට ඉඩ සලසා පහසුව ඇති කරයි.

කල යුතු දේ.

කහ ස්වල්පයක්, උණු ජලය සමඟ මිශ්‍ර කර තලපයක් ආකාරයෙන් සකස්කර ගන්න. එම මිශ්‍රණය දරුවාගේ පපුව, නළල හා යටි පතුල් වල ආලේප කරන්න. මද වේලාවකින් මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න

11.කළ සහ නොකළ යුතු දේ

දරුවාගේ සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස සඳහා වයසට ගැළපෙන පිළියමක් ලබා දීමට මතක තබා ගන්න.

සෙම්ප්‍රතිශ්‍යාව හෝ කැස්ස නොසලකා හැරීමෙන් වලකින්න. මෙය නියුමෝනියාව වැනි බරපතල රෝගයක් දක්වා වර්ධනය වීමට ඒඩ ඇත. දරුවා නොනවත්වා අඬයි නම් කලබල නොවන්න. දරුවා සන්සුන් කිරීමට උත්සාහ කරන්න.

නිතර හදිසි අවස්ථා සඳහා පෙර සූදානමෙන් පසුවන්න. විශේෂයෙන් රාත්‍රියේදී විවිධ ප්‍රතිකර්ම සූදානම් කර තබා ගන්න.

දරුවාගේ යම් අසාමාන්‍ය වෙනසක් දුටුව හොත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවන්න. ශ්ලේෂ්මල/ සෙම වල වර්ණය (කොළ පැහැති වැනි) ගැන සැලකිලිමත් වෙන්න.

තද උණ නොසලකා නොහැර වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවන්න. දරුවාට ආසාත්මික නොවන අමුද්‍රව්‍ය භාවිතා කිරීමට මතක තබා ගන්න.

සීතල පරිසරයේදී සුදුසු ඇඟලුම් අන්දවන්න. දින කීපයක් සුව නොවන සෙම්ප්‍රතිශ්‍යා තත්ව සඳහා නොපමාව සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට කලහැකි දේ නිතර විෂබීජ සමඟ ගැටෙන දරුවන් ලෙඩ වූ විට ප්‍රතිකාර කිරීමට වඩා එවැනි ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගැනීම කලහැකි නම් එයයි වඩාත් සුදුසු.

ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහතින් දක්වා ඇත...

බබාට සෙම්ප්‍රතිශ්‍යාව….! - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම | Home Remedies For Colds

නිතර සබන් යොදා දෑත් හොඳින් සේදීම පුරුදු කරවන්න.

රෝග වලින් වැලකීමට ශරීරය හොඳ ප්‍රතිශක්තියකින් යුක්ත විය යුතුයි. මේ සඳහා විටමින්, ඛනිජ බහුල ආහාර කොළ, කහ පැහැති එළවලු, පළතුරු නිතර ලබා දෙන්න.

කිවිසුම් යාමේදී හා කැස්ස ඇතිවීමේදී ලේන්සුවක් නැත්නම් වැලමිට ඇතුළත භාවිතයට පුරුදු කරන්න. අත කිසිවිටෙකත් භාවිතා නොකිරීමට උගන්වන්න.

ඉහළ ප්‍රතිශක්තියක් සඳහා නිතිපතා ප්‍රමාණවත් ව්‍යායාමයක් කිරීමට දරුවන්ට ඉඩ දෙන්න. දරුවන් ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙමින් පවතින නිසා නිතර ලෙඩ රෝග වැළඳීම, විශේෂයෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම සාමාන්‍යයි.

මේ නිසා ඔබේ දරුවාට සුදුසු වන ප්‍රතිකර්මය හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය දේ නිතර ලඟ තබා ගැනීමට සැලකිලිමත් වෙන්න. ~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.

උපුටා ගැනීම~ © kalSwijesooriya @ KC & baby K 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha