නිවසට ම බෙහෙත් ලබාදීම අද සිට ඇරඹේ...තොරතුරු ගන්න දුරකතන අංකයක්.
රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට බෙහෙත් වට්ටෝරු නිවසට ම ලබාදීමේ වැඩපිළිවෙළ අද(04) සිට ක්‍රියාත්මක වේ.
සංචරණ සීමා හමුවේ රෝහල්වල පැවැත්වෙන සායන සඳහා සහභාගී වීමට නොහැකි රෝගීන්ගේ පහසුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට මාස 02ක් සඳහා අවශ්‍ය බෙහෙත් වට්ටෝරු, වෙන වෙනම පාර්සල් කර, තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවසටම ලබා දීමට සැලසුම් කර තිබේ.
රෝගීන් විසින් රෝහලේ ලියාපදිංචි වීමට ලබාදුන් ලිපිනයට මෙම ඖෂධ ලබා දෙන බැවින් ලියාපදිංචියේ දී ලබා දී ඇති ලිපිනය වෙනස් වී ඇත්නම් ඒ පිළිබඳව අදාළ රෝහල දැනුවත් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගීන්ට දැනුම් දෙයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 072 0 720 720 හෝ 072 0 606 060 දුරකතන අංක ඔස්සේ ලබා ගත හැකිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |