සෑම නිවසකටම ගොස් සිදු කරන සමීක්ෂණයක් ඇරඹේ..?

vaccination municipal council quarantine home based survey pradeep yasarath
By Sewvandhi Aug 03, 2021 05:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එන්නත් ලබා නොගත් පුද්ගලයින් සම්බන්ධයෙන් සමීක්ෂණයක් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ එය සිදු කිරීමට නියමිතයි.

සෑම නිවසකටම ගොස් එන්නත්කරණය පිළිබඳව සහ නිරෝධායනය කරපු සහ ඒ නිරෝධායනයේ දී ලැබුණු පහසුකම් පිළිබඳවත් තොරතුරු සොයා ගැනීමට නියමිතයි.

එමෙන්ම එහිදී කුමන එන්නත ලබාගෙන තියෙනවාද? දෙවනි මාත්‍රාව ලබාගෙන තියනවාද? එන්නත ලබාගෙන නොමැති නම් විශේෂයෙන් අවුරුදු 60 ට වැඩි යම්කිසි පුද්ගලයෙක් ඒකට හේතුව කුමක්ද පිළිබඳව ද සොයා බැලීමට මේ සමීක්ෂණයේදී බලාපොරොත්තු වනවා.

සීයට 95කට වඩා එන්නත්කරණය නොකරපු පුද්ගලයන් කොවිඩ් දහනමය වසංගත තත්ත්වය නිසා මිය යන බව සෞඛ්‍ය බලධාරීන් විසින් අවධාරණය කරගෙන තිබෙන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසුවේ.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විශේෂ Twitter පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

අවිනිශ්චිතතාවක් තිබුණ ද කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්නා ලෙසයි ඔහු සිය Twitter පණිවිඩය මගින් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ. එමෙන්ම කොවිඩ්-19 රෝගය භයානක රෝගයක් බව ඔහු ඉන් අවධාරණය කර තිබෙනවා.

“අවිනිශ්චිතතාවක් ඇති බව මම දනිමි. නමුත් මෙම රෝගය භයානකයි. මම එන්නත ලබා ගත්තා. මම එය මගේ පවුල සඳහා ද ලබා ගත්තා. ඔබටත් එය ලබා ගන්න කියලා මම කියනවා. යන්න, එන්නත ගන්න.” යනුවෙන් එහි සටහන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now