සියල්ල හඩවමින් හෙල්මට් කර්මාන්ත ශාලාවේ ගින්නකින් මියගිය දමයන්තිගේ සීල් කෙරූ සිරුර නිවසට රැගෙන එයි
හෝමාගම හෙල්මට් කර්මාන්ත ශාලාවක පසුගිය දා හදිසියේ ඇති වූ ගින්නෙන් අවාසනාවන්ත ලෙස මියගිය මස්කෙළිය, කුයිස්ලන්ඩ් කොටසේ පදිංචිව සිටි 26 හැවිරිදි වරදරාජන් දමයන්ති තරුණියගේ සිරුර අද (23) අලුයම 3:00ට පමණ ඇගේ නිවස වෙත රැගෙනවිත් තිබේ.
ඇගේ දේහය සහිත පෙට්ටියට මුද්‍රා තබා ඇති අතර, පවුලේ දෙවනියා වූ මියගිය වරදරාජන් දමයන්තිට වැඩිමහල් සොයුරෙක් සහ බාල සොයුරන් දෙදෙනෙකු ඇතුළුව මව්පියන් සමඟ පවුලේ සාමාජිකයින් හයදෙනෙකු සිටිති.
ඇගේ පියා එම වතුයායේ වතු කම්කරුවෙකු ලෙස සේවය කරනු ලබයි. තම පවුලේ පවතින දැඩි ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් මීට මාස හයකට පෙර ඇය හෝමාගම පිහිටි අදාළ හෙල්මට් කර්මාන්ත ශාලාවේ රැකියාව සඳහා එක්වී ඇත.
ඇය අවසන් වරට සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් දින දෙකක නිවාඩුවක් ලබාගෙන නිවසට පැමිණ නැවත රැකියාවට ගිය බවයි පවුලේ ඥාතීන් සඳහන් කරන්නේ.
රුක්මනුයි මායි රන්ඩු වුණා පරුෂ වචන කියාගෙන බැන ගත්තා මට ගැහුවා - සමාජ මාධ්‍යවල හුවමාරු වන හඬ පට ගැන මිය ගිය රුක්මන්ගේ බිරිඳ ආන්දෝලාත්මක ඇත්තක් හෙළි කරයි
මියගිය තරුණියගේ අවසන් කටයුතු අද (23) පස්වරුවේ එම වතුයායේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට පවුලේ සාමාජිකයන් කටයුතු යොදා තිබේ.