බෙලිඅත්තේ පොලිස් නිලධාරියෙකුගේ නිවසට වෙඩි තැබීමක්
තංගල්ල, බෙලිඅත්ත - වලවල ප්‍රදේශයේ පිහිටි පොලිස් නිලධාරියෙකුගේ නිවසක් ඉලක්ක කරගනිමින් හඳුනානොගත් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශය පුරා දැඩි උණුසුම් සහ භීතිකාකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, සිදුවීම වන අවස්ථාවේදී නිවසේ පිරිස රැඳී සිට ඇත්දැයි සහ සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.