ලෝකයේම දෑස් යොමු වන 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද ඇරඹෙයි

Report

ලොව ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල අතරින් එකක් ලෙස සැලකෙන 23 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද (23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී ආරම්භ වීමට නියමිතය.

මෙවර ක්‍රීඩා උළෙල අගෝස්තු මස 02 වැනිදා දක්වා පැවැත්වෙන අතර, 2014 වසරෙන් පසුව ස්කොට්ලන්තය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් සඳහා සත්කාරකත්වය දරන දෙවන අවස්ථාව මෙය වේ.

රටවල් 74කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000කට ආසන්න පිරිසක් මෙවර තරගාවලියට එක්වීමට නියමිතය. තරගාවලියේ වියදම් සීමා කිරීමේ අරමුණින් මෙවර ක්‍රීඩා ඉසව් සංඛ්‍යාව 10ක් දක්වා අඩු කර ඇති අතර, ග්ලාස්ගෝ නගරයේ සැතපුම් 8ක පමණ ප්‍රදේශයක් තුළ පිහිටි ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණ 4කදී තරග පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන අතර, ඔවුන් ක්‍රීඩා ඉසව් 7ක් සඳහා එක්වීමට නියමිතය.

රටටම ආඩම්බරයක් ගෙන දෙමින් දකුණු ආසියානු කරාතේ තරගාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් 87ක්

රටටම ආඩම්බරයක් ගෙන දෙමින් දකුණු ආසියානු කරාතේ තරගාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් 87ක්

හරීන් ඇමතිතුමා වාචිකව පොරොන්දු වෙච්ච ඩොලර් ලක්ෂ තුන යුපුන් අපෙන් ඉල්ලනවා - රටක් ආදරය කළ යුපුන් කළකිරීමෙන් ක්‍රීඩාවෙන් සමුගද්දි ක්‍රීඩා ඇමති කට අරී

හරීන් ඇමතිතුමා වාචිකව පොරොන්දු වෙච්ච ඩොලර් ලක්ෂ තුන යුපුන් අපෙන් ඉල්ලනවා - රටක් ආදරය කළ යුපුන් කළකිරීමෙන් ක්‍රීඩාවෙන් සමුගද්දි ක්‍රීඩා ඇමති කට අරී