වාර්තාවකට සැරසෙනවා වගේ .? - දැනටමත් 5 වෙනියටම ඇවිත් - පොලොන්නරුවේ HIVආසාදිතයින් වැඩිවෙයි.

Polonnaruwa World Aids Day Ministry of Health Sri Lanka HIV Symptoms
By Wayomi Oct 22, 2024 11:22 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ 2025 වර්ෂය වන විට ඇස්තමේන්තුගත HIV ආසාධිතයින් සංඛ්‍යාව 4,700 ක් පමණ වනු ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ, වසර 2030 වන විට මෙරටින් උතුරු මැද පලාත තුල HIV ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රීත රෝග මර්දනය කිරීම කළ හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම අරමුණු කරගනිමින් උතුරු මැද පළාත් ඒඩ්ස් කමිටුව අනුරාධපුර,විජයපුර පිහිටි පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදියි.

ගෑස් මිලෙහි විශාල සංශෝධනයක්. - මේ මස 30 වෙනිදට සිදු වන දේ රජයට දැනුම්දෙයි.

ගෑස් මිලෙහි විශාල සංශෝධනයක්. - මේ මස 30 වෙනිදට සිදු වන දේ රජයට දැනුම්දෙයි.

 

නෙළුම් කුලුණෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවියගේ දෙමාපියන්ගෙන් විශේෂ නිවේදනයක්. - මෙහෙම ගුරුවරුත් ඉන්නවා හොදේ.

නෙළුම් කුලුණෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවියගේ දෙමාපියන්ගෙන් විශේෂ නිවේදනයක්. - මෙහෙම ගුරුවරුත් ඉන්නවා හොදේ.

      

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය කියා සිටියේ මෙවැන්නක්,

"මෙරටින් පළමු HIV රෝගියා වර්තා වී ඇත්තේ 1987 වසරේ දී යි. වර්තමානය වන විට ඇති සංඛ්‍යා ලේඛන අනුව මෙරටින් හදුනාගෙන ඇති එච්අයිවි ආසාදිතයින් සංඛ්‍යාව 3,409 කි. එහෙත් අසාධනය වීමේ ප්‍රතිශතය අතින් ගත් කළ රට තුල මෙය පැතිර යාමේ අවදානම ඇත්තේ ඉතා අඩුවෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 0.1% පමණ වේ. එම තත්ත්වය උදාකරගත හැකිව ඇත්තේ දැනුවත් කිරීම් හා රෝගීන් හදුනාගැනීම් සදහා විධිමත් වැඩපිලිවෙළක් ක්‍රියාත්මක වන හෙයිනි”.

“කෙසේ වෙතත් පෙරට වඩා ඒඩ්ස් රෝගීන් වාර්තාවීමේ වැඩි බවක් දක්නට ලැබෙනවා. උතුරු මැද පළාත තුල යම් කැපී පෙනෙන වර්ධනයක් පවතින අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් වාර්තාවීම වැඩි වි තිබෙනවා. මෙරට සියලු දිස්ත්‍රික්ක අතරින් ඒඩ්ස් රෝගීන් වාර්තාවීම අතින් පොලොන්නරුව දිස්ත්‍රික්කය පස්වන ස්ථානයට පත්ව තිබෙනවා.”

“ පිරිමි සමලිංගික ක්‍රියා හේතුවෙන් වැඩි වශයෙන් එච්අයිවි රෝගය සැදිම බහුලව දක්නට ලැබෙනවා. මීට අමතරව ලිංගික ශ්‍රමිකයින්ගෙන් , ලිංගික සංක්‍රාන්තිකයින්ගෙන් , වෙරලාශ්‍රිත පිරිස් වලින් (beach boys), විවිධ ඖෂධ වර්ග එන්නත් කරගන්නා අයගෙන් ද රෝගය පැතිරයාම සිදුවනවා. කෙසේ වෙතත් එච්අයිවි ආසාධිතයින් හදුනාගැනීම සදහා වසරකට මිලියනයක පමණ පිරිසක් පරීක්ෂා කිරිම් කරනවා. මේ සදහාම රට පුරා සායන 40ක් ක්‍රියාත්මකයි. 2025 වර්ෂය වන විට ශ්‍රි ලංකාවේ ඇස්තමේන්තුගත ඒඩ්ස් ආසාධිතයින් සංඛ්‍යාව 4,700 ක් පමණ වෙනවා."

පොලිසියෙන් ක්ෂණික ඇමතුම් අංකයක්. - ඔබ කරන්න ඕන දේ මෙන්න.

පොලිසියෙන් ක්ෂණික ඇමතුම් අංකයක්. - ඔබ කරන්න ඕන දේ මෙන්න.

මෙහිදි අදහස් දැක්වු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා මෙසේ පැවසිය.

“මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් 148 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. පළමු වරට දිස්ත්‍රික්කයෙන් ආසාධිතයකු හමු වී ඇත්තේ 2002 වසරේ දී යි. දැනට හමු වී ඇති රෝගීන්ගෙන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. දැනට ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 110 කි. ‍මෙම පිරිසෙන් 83 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 27 දෙනෙකු කාන්තාවන්”.

මෙහිදී විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුල වසරකට ආරක්ෂිත ලිංගික ඇසුර සදහා කොණ්ඩම් එක්ලක්ෂ විසිදහසක් බෙදාහරින බවයි.

රටම ඩිජිටල් කරන්න මිලියන ගානක වැටුප් අත්හැර ලාංකිකයෙක් ලංකාවට. - සති 2න් කරන දේ ජනපති පහදයි.

රටම ඩිජිටල් කරන්න මිලියන ගානක වැටුප් අත්හැර ලාංකිකයෙක් ලංකාවට. - සති 2න් කරන දේ ජනපති පහදයි.