චීනය හොල්ලමින් ලංකාවට රිදී පදක්කමක් - අපේ කිරිබත් ලෝකයම දිනයි
2026 කීර්තිමත් “SCO Summer” ගෝලීය සූපවේදී තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.
පසුගිය 26 සහ 27 දෙදින තුළ චීනයේ Qingdao නගරයේ පැවති මෙම තරගාවලියට චීනය, රුසියාව, කසකස්තානය, උස්බෙකිස්තානය සහ අසර්බයිජානය ඇතුළු රටවල් කිහිපයක දක්ෂ සූපවේදීන් සහභාගී වී ඇත.
චීනයේ බෙයිජිං නගරයේ පිහිටි එකම ශ්‍රී ලාංකික අවන්හල වන “සින්නාරා” අවන්හල නියෝජනය කරමින් ප්‍රධාන සූපවේදී නිෂාඩ් සමරනායක සහ සහායක සූපවේදී මනෝජ් ලියනගේ මෙම තරගයට එක්ව තිබේ.
තරගයේදී ඔවුන් විසින් කිරිබත්, පොල් රොටී ඇතුළු සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර වර්ග ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර සූපවේදී විශේෂඥයන්ගේ සහ චීන සූපවේදීන්ගේ ඉහළ ඇගයීමට ලක්වූ බව සඳහන් වේ.
වසර 15කට පසුව චීනයේ පැවති ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සූපවේදී තරගයකදී ශ්‍රී ලංකාව මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීම විශේෂ සිදුවීමක් ලෙස සැලකේ.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම රටේ සූපශාස්ත්‍ර උරුමය ලෝකයට හඳුන්වාදීමටද වැදගත් අවස්ථාවක් බව ජයග්‍රාහී කණ්ඩායම පවසයි.