හිරුණිකා සම්බන්ධයෙන් මීට සුළු මොහොතකට පෙර අධිකරණය දුන් තීන්දුව මෙන්න..
බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය මීට ටික වේලාවකට පෙර නියෝග කළේ ය.
ඒ ඇයගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හමුවේ අද කැඳවූ අවස්ථාවේදී යි.
2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන පහරදීම ඇතුළු චෝදනා 18කට වරදකාරිය වීම හේතුවෙන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කරනු ලැබුවා.