හිරුණිකා ගැන මහාධිකරණය ගත් තීරණය..!

Maithripala Sirisena Sri Lanka Politician Hirunika Premachandra
By Sewvandhi Jan 30, 2023 08:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ මහාධිකරණය මගින්, 2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන දිනය නියම කිරීම සඳහා පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස නියම කළේය.

මෙම නඩුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයා කල ඉල්ලීමකට අනුව නඩුව පෙබරවාරි මස 28 වනදා කැඳවීමට නියම කළේය. එදින නඩුව විභාග කරන දිනය නියම කරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සදහන් කළා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් ඇයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණි.

මෙම චෝදනාව එල්ල වී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් හත්දෙනෙකු මුලින්ම අධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඔවුන්ට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha